IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


වන අලි නිසා දුක් විඳින කලාගම වැසියෝ

(කාංචන කුමාර ආරියදාස)
 
අනුරාධපුර දිස්ත්‍රික්කයේ පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගල්කිරියාගම කලාගම  ජනතාව ගෙට ගත් වී අස්වැන්න වන අලින් ගෙන් බේරා ගැනීමට නොහැකිව දැඩි අසීරුතාවයකට පත්ව සිටිති.

ගම්මානයට කඩා වදින වනඅලින් කිහිපදෙනෙකුම නිවෙස් වල තබා තිබෙන වී අස්වැන්න ආහාරයට ගන්නා බවත් වන අලින් එලවා දැමීමට උත්සාහ කිරීමේදී නිවැසියන්ට පහර දෙන බවත් ගම්වාසීහු පවසති.

දින කිහිපයකට ඉහතදී කලාගම ප්‍රදේශයේ නිවසකට පැමිණි වනඅලියෙකු එහි තිබූ වී තොගය ආහාරයට ගැනීමට සූදානම් වෙද්දි නිවෙස් හිමියා වන අලියා පන්නා දැමීමට උත්සාහ කිරීමත් සමග ඔහුටද පහරදී තිබේ . අලියාගෙන් පහර කෑ ගෙහිමියා මේ වනවිට ගල්කිරියාගම ප්‍රාදේශිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි .මෙසේ වන අලි පහරින් බේරී තුවාල ලබා රෝහල් ගතව සිටින්නේ කේ.පී .විජය  තිස්ස (68) මහතායි.

මෙසේ  වී ආහාරයට ගැනීමට ගම්මානයට පැමිණෙන වන අලින් ගොවීන්ගේ හේන් වගාවන් සම්පුර්ණයෙන්ම විනාශ කොට දමන බවද ගොවීහු පෙන්වා දෙති.වට්ටක්කා පතෝල ,මිරිස් ,වැටකුළු  ආදී  බොහෝ බෝගයන් විනාශ කොට දමා ඇති ආකාරය ද කලා ගම්වැසියෝ පෙන්වාදෙති.             

ගල්කිරියාගම වනජීවී කලාපයට අයත් කහල්ල පල්ලේකැලේ අභය භූමියේ සහ කලා වැව ඉස්මත්තේ පිහිටි  සංචාරක කලාපයක් ලෙස ප්‍රකාශයට පත්කොට තිබෙන කලා වැව අභය භූමියේ සිටින වන අලින් මෙසේ ගම්වදින බවද ප්‍රදේශවාසීහු කියති.

කලා වැව් රක්ෂිතය ආසන්නයේ ඉදිකොට ඇති විදුලි වැට ශක්තිමත් නොවීම නිසා වන අලි ගම් වදින බවත් වනජීවී දෙපාර්තමේන්තු නිලධාරීන් සහ වගකිවයුතු   නිලධාරීන්  සංචාරක ව්‍යාපාරය පිළිබඳව පමණක් සොයා බලමින් සිටින බවත් අහිංසක ජනතාවගේ  හානි පිළිබඳව සොයා බැලීමක් සිදු නොකරන බවද ප්‍රදේශවාසීහු චෝදනා කරති.


ගල්කිරියාගම වනජීවී කාර්යාලයේ  නිලධාරීන්ට ප්‍රදේශවාසීහු දැඩිලෙස චෝදනා කරන්නට වූයේ වන අලින් ගෙන් බේරීම සඳහා නිවෙස් වල තිබෙන වී විකුණා දමන්නැයි ඔවුන් පැමිණ උපදෙස් ලබා දෙන බව පවසමිනි .

දිවා කාලයේ හේනේ කුඹුරේ  වැඩකරමින් රාත්‍රී කාලයේ පැල් රකිමින් ආරක්ෂා කරගත් එළවළු වගාවන් සහ වී අස්වැන්න නිවෙස්වලට රැගෙන විත් තබා ගැනීමට වත් නොහැකි තත්ත්වයක් පවතින බව  ප්‍රදේශවාසීහු දැඩිලෙස වනජීවී දෙපාර්තමේන්තුවට චෝදනා කරන්නට  වූහ.

ගම්මුන් නඟන මෙම චෝදනාව පිළිබඳව ගල්කිරියාගම වනජීවී කාර්යාලයේ ස්ථානභාර නිලධාරි ඩී.රාමසිංහ මහතාගෙන් අප මේ පිළිබඳව විමසීමේ දී කියා සිටියේ තමන්ට  ලබාදී ඇති සම්පත් වලින් උපරිම සේවාවක් ජනතාවට සිදු කරන බවය.



අදහස් (0)

වන අලි නිසා දුක් විඳින කලාගම වැසියෝ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 656 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 542 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 444 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site