
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
කොරෝනා වසංගතයත් සමඟ වනාතවිල්ලුව වේවැල් කර්මාන්තය සම්පූර්ණයෙන් ඇදවැටීම හේතුවෙන්, සිය නිෂ්පාදන අලෙවි කරගත නොහැකිව ගැටලුවකට මුහුණ දී ඇතැයි එම කර්මාන්තයේ නියැලෙන්නෝ පවසති. වේවැල් නිෂ්පාදන මේ වන විටත් නිවෙස් තුළ රඳවා ගැනීමට සිදුව ඇති බවද මෙම පිරිස සඳහන් කරති.
වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ රාල් මඩුව, අලුත් එළුවන්කුලම, පරණ එළුවන්කුලම යන ගම්මානවල පවුල් 100 ක පමණ පිරිසකගේ රැකියාව වූ මෙම වේවැල් කර්මාන්තය අද වන විට සම්පූර්ණයෙන් නැවතී ඇති බවද ඔවුහු පවසති.
නිෂ්පාදන සඳහා අවශ්‍ය වූ වේවැල් සපයා ගැනීමේ ස්ථානයට නීතියේ බලපෑමක් තිබීම හේතුවෙන් ගැටලු මතුව ඇත. එසේ වුවද, වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් චතුරක ජයසිංහ මහතා මැදිහත් වී ඔවුන්ට අක්කර 50 ට වැඩි බිම් ප්‍රමාණයකින් යුත් වේවැල් කැලේ භූමිය පවරාදී තිබේ. නමුත් අද වන විට තම වෘත්තියට අවශ්‍ය අමුද්‍රව්‍ය නිසි ලෙස සපයා ගැනීමට තිබුණද ගැනුම්කරුවන් නොමැති වීම බරපතලම ගැටලුව බව ඔවුහු කියාසිටිත.
මේ පිළිබඳව අදහස් දැක්වු වනාතවිල්ලුව රාල් මඩුව පදිංචි කේ.සබුර් නිසා මහත්මිය මෙසේ කීවාය.
“අපි අද වන විට අන්ත අසරණවෙලා. හදාපු වේවැල් බඩු සේරම ගෙදර ගොඩ ගහලා. අපේ නිෂ්පාදන මිලට ගන්න කිසිම කෙනෙකු කොරෝනාවලින් පස්සේ ආවේ නැහැ. වේවැල් කපාගත්ත වේවැල් කැලේ අලි රංචුවක් නිතරම ගැවසෙනවා. ඒ නිසා අපිට වේවැල් කපාගන්න යන්නත් බැරි තත්වයක් උදාවෙලා”
මේ පිළිබඳව අදහස් දැක්වු ආර්. දේවකාන්ති මහතාමිය මෙසේ පවසන්නට වූවාය.
“ අපිට ලොකු සම්පතක් මේ වේවැල් කැලේ. ඉඩම එය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලබාදීම වටිනවා. නමුත් කැලෑවේ ඉන්න අලි දෙන්නා පන්නා දෙන්න කියලා වන ජීවියට කොච්චර කිව්වත් එය කරන්නේ නැහැ. අද යද්දිත් මේ අලි නිදාගෙන හිටියා. අපි බය වෙලා ආපහු දුවගෙන ආවා. ඒ විදිහට වේවැල් කපා ගන්න බැරිව ආපසු නිවෙස්වලට ආපු දවස් අනන්තයි” ඇය පවසන්නීය.
වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් චතුරක ජයසිංහ මහතා මෙසේ කීය.
“මේ පිරිස වෙනුවෙන් අපි අපේ දායකත්වය උපරිම ලෙස සලසා තිබුණා. වේවැල් ලබාගැනීමට අදාළ ඉඩම දුන්නා. පසුගිය කාලයේ මේ කර්මාන්තකරුවන්ට අලෙවිය පිළිබඳව එතරම් ගැටලුවක් තිබුනේ නැති බව ඇත්ත. නමුත් මේ වන විට ඒ කියන්නනේ කොරෝනා වසංගතයෙන් පස්සේ ගැනුම්කරුවන් නොමැති වීම බරපතල ගැටලුවක් වී තිබෙනවා. අපිත් යම් උත්සහයක් ගන්නවා මේ වෙනුවෙන් යම් දායකත්වයක් ලබා දීමට” යැයි ප්‍රාදේශීය ලේකම්වරයා පැවසීය.




2025 දෙසැම්බර් මස 18
487
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වනාතවිල්ලුවේ වේවැල් කර්මාන්තකරුවන් කබලෙන් ලිපට
sampath Wednesday, 22 July 2020 10:18 AM
වේවැල් භාණ්ඩ පුදුම ගණන්, ඉතින් කොහොමද මනුස්සයෙක් මේවා මිලට ගන්නේ.
arschfikaaWednesday, 22 July 2020 03:58 PM
සම්පත්, වේවැල් නිෂ්පාධන ගණන් වැඩි නැහැ.