(ටී.කේ.ජී.කපිල)
විදේශීය දුම්වැටි තොගයක් කුවේට් සිට නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ලාංකික ගුවන්මගියෙකු අද (25) රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය.
මොහු මීගමුව ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකි.
ඔහු විසින් රැගෙන විත් තිබූ ගමන් මලු දෙකක රුපියල් 16,20,000 ක් වටිනා දුම්වැටි 27,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 135 ක් සඟවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් සොයාගෙන ගෙන තිබුණි.
මේ පිළිබඳව විධිමත් රේගු පරීක්ෂණයක් පැවැත්වූ බවත් මෙම දුම්වැටි තොගය රාජසන්තක කර ගුවන් මගියාට රුපියල් 25,000 ක දඩ මුදලක් ගෙවන ලෙස නියෝග කළ බවත් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd