IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


වගා ළිඳක බෝම්බයක් - පතරොම් තොගයක්

(රෝවන් පෙරේරා)
මිලි මීටර 60 ක් වන මෝටාර් බෝම්බයක් සහ ටී56 හිස්
පතරොම් කොපු 9960ක් අද (14) සොයා ගැනීමට නවගත්තේගම පොලිසියට හැකිවී ඇත.

ප්‍රදේශවාසීන් විසින් කළ දැනුම් දීමකට අනුව භාවිතයෙන් තොරවූ වගා ළිඳක තිබියදී මෙම බෝම්බය සහා පතරොම් සොයා ගත් බව නවගත්තේගම පොලීසිය පැවසීය.

අබලි යකඩ එක් රැස් කරන කිසියම් පුද්ගලයකු හෝ කිහිප දෙනකු එක්ව මෙම බෝම්බ සහ උණ්ඩ ළිඳට ගෙනැවිත් දමන්නට ඇතැයි ගම්වාසීහු සැක පලකරති.

ප්‍රදේශවාසින්ගේ සහාය ඇතිව තබ්බෝව යුද හමුදා කඳවුරේ නිලධාරීන්ගේ සහ පොලීසියේ සහයෙන් සෙල්ලන්කන්දල් විශේෂ කාර්ය බලකායේ බෝම්බ නිශ්ක්‍රීය අංශයේ නිලධාරීන් විසින් බෝම්බය හමුවූ වෙලේවැව තම්මැන්නාවැටිය ප්‍රදේශයේ ජනශුන්‍ය ස්ථානයකදී බෝම්බය පුපුරුවා හැරීය.

හිස් පතරොම් කොපු නවගත්තේගම පොලීසිය විසින් පරීක්ෂණ සඳහා රැගෙන යන ලදී.



අදහස් (0)

වගා ළිඳක බෝම්බයක් - පතරොම් තොගයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 106 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site