(ඩබ් ඒ පියතිලක)
මැදිරිගිරිය දියසෙන්පුර වෙළඳසැළක් බිඳ ලැප්ටෝප් 7ක් ජංගම දුරකථන 7ක් සොරකම් කළ පාසල් සිසුන් තිදෙනෙකු අද (30) අලුයම අත්අඩංගුවට ගත් බව මැදිරිගිරිය පොලිසිය පවසයි.
මොවුන් සොරා ගත් දුරකථන වලින් කිහිපයක් වෙනත් පුද්ගලයන්ට අලෙවි කර තිබූ බව පොලිසිය සඳහන් කරයි.
මෙසේ අතුඅඩංගුවට පත්ව ඇත්තේ හිගුරක්ගොඩ පංදිචි අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටිමට නියමිත සිසුන් තිදෙනෙකි.
ඉකත් දෙසැම්බර් 7 වැනිදා දියසෙන්පුර පිහිටි වෙළද ආයතනයක් කඩා එහි උපකරණ රැගෙන ගොස් ඇති බවට එම ආයතනය විසින් මැදිරිගිරිය පොලිසිය වෙත කරන ලද පැමිණිල්ලක් අනුව පොලිසිය සිදුකළ විමර්ශන වලින් පසු මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සිසුන් තිදෙනා හා උපකරණ හෙට (31) හිගුරක්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd