IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ලක්ෂ 20ක් හොරකම් කළැයි අයෙක් සැකපිට

(තුසිත කුමාර ද සිල්වා)

අලුත්ගම දන්වත්තගොඩ ප්‍රදේශයේ පුද්ගලික සංචාරක නිකේතනයක හිමිකාර ජර්මන් ජාතිකයකුගේ රුපියල් ලක්ෂ 20ක් සොරකම් කළ බව කියන පුද්ගලයකු අද (07) වාද්දුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව අලුත්ගම පොලිසිය පවසයි.

වසර 2 1/2ක පමණ සිට සැකකරු එම හෝටලයේ සේවය කර ඇතැයි පොලිසිය කියයි.

අලුත්වැඩියා කිරිමට ගරාජයකට දුන් බව කියමින් ජර්මන් ජාතිකයාට අයිති යතුරු පැදියක් සහ ත්‍රීරෝද රථයක් ආයතන දෙකකට දෙවතාවකදී උකස් තබා මුදල් ලබාගෙන ඇතැයිද පොලිසිය කියයි.

මෙම සංචාරක හෝටල් හිමිකරුගේ  පුද්ගලික කාමරය පිරිසිදු කරන මුවාවෙන් මුදල් සොරකම් කර ඇතැයි ද කියැවේ.
 
අත්අඩංගුවට ගන්නා විට රුපියල් ලක්ෂ 5ක් සහ යුරෝ 500යේ නොට්ටුවක් සැකකරු සන්තකයේ තිබී සොයාගෙන තිබේ.

 මේ අතර සොරකම් කරන ලද මුදලින් රුපියල් ලක්ෂ 5ක් මොටර් රථයක් මිලදිගැනිමට පානදුර ප්‍රදේශයේ වාහන අලෙවිසලකට අත්තිකාරම් ගෙවා ඇති බවත් අනිකුත් මුදල් මත්ද්‍රව්‍ය පානයට සහ විනෝදවීමට වියදම් කර ඇතැයි පොලිසියට පවසා ඇත.



අදහස් (1)

ලක්ෂ 20ක් හොරකම් කළැයි අයෙක් සැකපිට

Pradeep Liyanage Friday, 08 September 2017 05:47 AM

අලින් යන මග නොදකින නමුත් කුහුඹුවන් යන මග මනාව දකින අපේ නිතිය සහ නිලධාරීන්...

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 665 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site