IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ලෝකය වනසන ග්‍රහකයක් එයි

ග්‍රාහකයක් වැදීමෙන් පෘථිවියේ මිනිසා ඇතුළු විශාල සත්ත්වයන් රැසක් විනාශ වී යා හැකියැයි ඇමෙරිකාවේ ටෙනිසීස් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ අනතුරු අඟවති. ඔවුන් පවසන්නේ 1950 ඒඩී නමින් නම්කැර ඇති ග්‍රාහකය වර්ෂ 2880 මාර්තු මස 16 වැනි දා පෘථියේ වැදීමට ඉඩ ඇති බවයි.

මුල්වරට 1950 පෙබරවාරි 23 වැනිදා හඳුනාගත් මේ ග්‍රාහකය එතැන් සිටි දින 17ක් දර්ශනය වුව ද ඉන් පසු මේ දක්වාම දර්ශනය වූයේ නැත. පෘථිවිය හා මේ ග්‍රාහකය සම්බන්දයෙන් ඇති දත්ත අනුව එය 2880 දී පෘථිවිය ආසන්නයට ම පැමිණීමට නියමිතය.

පර්යේෂකයන් පවසන්නේ ග්‍රාහකය පෘථිවියේ ගැටුණහොත් එමගින් ටී.එන්.ටී. මෙට්‍රික් ටොන් 44,800 ක් පිපිරීමට සමාන ශක්තියක් නිකුත්වන බවයි. එමගින් ඇතිවන ගින්න ලෝකයේ ජීවීන් මුළුමනින්ම පුළුස්සා දැමීමට සමත්වන බව ද ඔවුහු කියති. පැයට සැතපුම් 38,000ක වේගයෙන් පෘථිවියට කඩා වැටෙන මේ ග්‍රාහකය අත්ලන්තික් සාගරයට වැටුණහොත් එමගින් අඩි 400 ක් පමණ උසැති සුනාමි රළ නිපදවනු ඇතැයි ද කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක් කියති.

කිලෝ මීටරයක පමණ විශාලත්වයෙන් යුතු මේ ග්‍රාහකය පැය දෙකයි මිනිත්තු හයකට වරක් එක භ්‍රමණවාරයක් සම්පූර්ණ කරයි. වේගයෙන් කැරකෙ ග්‍රාහකයක් බැවින්  ග්‍රාහකයක් කැඩී යාමට ද ඉඩ ඇතත් මේ ග්‍රාහකය භ්‍රමණය වීමේ වේගය අනුව ඒ මත ක්‍රියාත්මකවන වෑන් ද වේල්ස් නමැති සංසක්ත බලය හේතුවෙන් කැඩී යාමට ඉඩක් නැතැයි ද පර්යේෂකයෝ කියති.

විද්‍යාඥයන් පවසන්නේ ග්‍රාහකය පෘථිවියේ ගැටීමට පෙර විනාශකිරීමට හෝ ගමන්මග වෙනස් කිරීමට ක්‍රියා කළයුතු බවයි. විද්‍යාඥයන් පවසන්නේ මේ ග්‍රාහකය පෘථිවියේ ගැටීමට ඉඩ ඇත්තේ සියයට 0.3ක අවස්ථාවක් පමණක් බවයි.

article-2726039-208DBE4600000578-746_306x423 article-2726039-208DF69700000578-541_634x532



අදහස් (0)

ලෝකය වනසන ග්‍රහකයක් එයි

ජයත් Thursday, 11 September 2014 10:42 AM

කව්රුත් දුමිත හිතන විදියට හිතුවොත් ලෝකයක් තියෙන එකක් නැහැ (නදී)

:       0       0

රෂ්මිකා Friday, 24 October 2014 04:01 AM

හැකි ඉක්මනින් මෙය විනාශ කරන්න ඕන.(හේ)

:       0       0

සරත් පියසේන Tuesday, 02 December 2014 06:52 AM

ලෝක විනාශයද දන්නේ නැහැ (නදී)

:       0       0

රජිත් වර්නසන්ත දුනගහ Friday, 30 January 2015 03:45 PM

මෙහි සත්‍යබාවය නිවැරදිව හදුනාගෙන අපේ ලෝකයට මෙය බලපෑමක් වන්නේ නම් වහාම ඒ සදහා ක්‍රියාමාර්ගයක් ගත යුතුය.. එය අප මතු පරම්පරාවට කරන යුතුකමකි..(හේ)

:       0       0

අම්පාරේ දුමිත Monday, 01 September 2014 03:25 PM

ඕවා කවදා වෙන දේවල්ද? ඊට වඩා දේවල් ගොඩක් ගැන හිතන්න අපිට මේ කාලයේදී සිදුවෙලා තියෙනවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 617 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 297 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site