
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බණ්ඩාරගම පොලිස් වසමේ ප්‍රදේශ දෙකකදී අද (12) දහවල් පැය දෙකක් තුළ සිදුවූ අනතුරු දෙකකින් තරුණයෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු බරපතළ තුවාල ලැබූ බව බණ්ඩාරගම පොලිසිය කියයි.
වීදාගම ගැලනිගම පදිංචිව සිටි දුලක්ශන චමිඳු යන 17 හැවිරිදි තරුණයා අනතුරින් මිය ගොස් ඇත. ඔහු යතුරුපැදිය ධාවනය කරමින් සිටියදී අනතුර සිදුව ඇත.
පානදුර සිට රත්නපුර බලා ගමන් ගත් පෞද්ගලික බස් රථයක් හොරණ දෙසට ධාවනය වීමේදී, හොරණ දෙස සිට රයිගම දෙසට පැමිණෙමින් තිබූ යතුරුපැදිය බස්රථයේ ඉදිරිපස දකුණුපස ගැටීමෙන් එම අනතුර වී තිබූ බව පොලිසිය සඳහන් කරයි.
මේ අතර, බණ්ඩාරගම කැස්බෑව මාර්ගයේ කඹුරුගොඩ ප්‍රදේශයේ දී කැස්බෑව දෙස සිට බණ්ඩාරගම බලා ගමන් ගත් ජීප් රථයක් මාර්ගයේ වම් පසට ගෙන දකුණු පස පිහිටි නිදහස් සමරු මාවත ප්‍රදේශයට මාර්ගය හරහා හැරවීමට යාමේදී, කැස්බෑව දෙස සිට බණ්ඩාරගම දෙසට ගමන් කරමින් තිබූ දෙදෙනෙකු ගමන්ගත් යතුරු පැදියක් ජීප් රථයේ ඉදිරිපස දකුණු රෝදයේ සහ මඩ පුවරුවේ ගැටීමෙන් යතුරු පැදියේ ගමන් ගත් පුද්ගලයන් දෙදෙනා බරපතළ තුවාල ලැබූ බව පොලිසිය කියයි.
එම අනතුරින් එක් පුද්ගලයෙකු අනතුරු සිදු වූ ස්ථානයේත් අනෙක් පුද්ගලයා ඊට මීටර් 10ක් පමණ ඈතින් ප්‍රතිවිරුද්ධ දිශාවේ විදුලි කණුවක් යටටත් වැටී ඇතැයි පොලීස් නිලධාරියෙක් පැවැසීය.එම අනතුරින් බරපතල තුවාල ලද යතුරුපැදියේ පසුපස ගමන් ගත් 25 හැවිරිදි තරුණයා අසාධ්‍ය තත්වයෙන් හොරණ මූලික රෝහලේ ප්‍රතිකාර ලබන අතර බරපතළ තුවාල ලද අනෙක් පුද්ගලයා කලුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

2025 දෙසැම්බර් මස 16
75
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
876
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
616
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
රිය අනතුරු දෙකකින් අයෙක් මරුට - දෙදෙනෙකුට තුවාල