(දයාරත්න ඇඹෝගම)
රඹැව නිවසකදී සිය බිරිඳ ඇතුළු සිව් දෙනෙකු කපා කොටා බරපතල තුවාල සිදු කරනු ලැබු සැකකාර පොලිස් කොස්තාපල් පොලිසියට බාරවු බව කහටගස්දිගිලිය පොලිසිය කියයි.
පසුගිය 5 වැනි දා රඹැව නිවසකදී රාත්‍රී 11 ට පමණ සැකකාර පොලිස් කොස්තාපල්වරයා සිය බිරිඳට ඇගේ දෙමාපියන් දෙදෙනාට සහ ඇයගේ වැඩිමහල් සොයුරිය කපා කොටා ඇති බවට චෝදනා ලැබ සිටිති.
සිද්ධියෙන් පසු පහර කෑමට ලක්වු මෙම සිව් දෙනා කහටගස්දිගිලිය සහ අනුරාධපුර ශික්ෂණ රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබිණි.
පහර දීමෙන් පසුව සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් සිටි අතර ඔහු ඊයේ (19) මෙලෙස පොලිසියට බාරව තිබේ.
සැකකරු ගලෙන්බිදුණුවැව පොලිසියට අනුයුක්තව සේවය කළ අතර පවුල් ආරවුලක් දුරදිග ගොස් මෙම පහරදීම සිදුව ඇතැයි පොලිසිය කියයි.
ඔහු අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd