(නිශාන්ත කුමාර)
රිදීමාලියද්ද ඇකිරියන්කුඹුර ප්‍රධාන මාර්ගයේ ධාවනය වූ යතුරු පැදියක් අද (05) මිරහැව ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවත පැන පෙරලී ගොස් අනතුරට ලක්වීමෙන් එහි ගමන් ගත් තරුණයින් දෙදෙනෙකු බරපතල තුවාල ලබා බිබිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ඉන් එක් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි රිදීමාලියද්ද පොලිසිය පැවසීය.
අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ රිදීමාලියද්ද කඩපැල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 20 ක තරුණයෙකි.
අනතුරින් බරපතල තුවාල ලැබූ අනෙක් තරුණයා බිබිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල මහ රෝහල වෙත මාරුකර යැවීමට කටයුතු කළ බවද පොලිසිය පැවසීය.
අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර රිදීමාලියද්ද පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd