
(ක.ග.කරුණාරත්න)
මාදුරුඔය විශේෂ බළකා කඳවුරේ රාජකාරී කල යුද හමුදා සෙබළෙකු දිඹුලාගල,යක්කුරේ ප්‍රදේශයේදී රාජකාරී කටයුත්තකට ගොස් සිටියදී මහවැලි ගඟට ඇදවැටී මිය ගොස් ඇතැයි අරලගංවිල පොලීසිය කියයි.
මිය ගොස් ඇත්තේ මාදුරුඔය දෙවන හමුදා කඳවුරට අනුයුක්තව රාජකාරී කළ සෙබළ ඒ.කේ.ඩී.එස්.කරුණාරත්න (24) යන අයයි.
වස්ගමුව ජාතික වනෝද්‍යානය තුල සිදුවන නීති විරෝධී මිනිස් ක්‍රියාකාරකම් මැඩ පැවැත්වීමට යුද හමුදා භට පිරිසක් වනජීවී නිලධාරීන් සමඟ එක්ව මෙහෙයුමක් ක්‍රියාත්මක කරමින් සිටියදී මේ හමුදා සෙබළා මහවැලි ගඟට ඇද වැටී අතුරුදන්ව ඇති බවත් පසුව ඔහුගේ මළ සිරුර හමුවී තිබෙන බවත් පොලීසිය සඳහන් කළේය.
මිය ගිය හමුදා සෙබළා සතුව තිබූ රාජකාරී ගිනි අවිය ඔහුත් සමඟ ගඟට ඇවැටී අතුරුදන්ව ඇතැයිද එය සෙවීමේ මෙහෙයුමක් සිදු කෙරෙන බවත් විමර්ශන සිදුකරන පොලිස් නිලධාරීහු පැවැසූහ.
අරලගංවිල පොලීසිය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd