IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


යුද හමුදා පාලනයේ තිබූ කිලිනොච්චියේ අක්කර 23 ක් දිස්ත්‍රික් ලේකම්ට බාර දෙයි

( සිතුම් චතුරංග)
යුද හමුදාව විසින් භාවිතාකරන ලද කිලිනොච්චිය  කරච්චි ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් ඉඩම් අක්කර 23.05ක්  කිලිනොච්චිය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය මහතාගේ විසින් අද (15) කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම්වරයා වෙත භාරදෙනු ලැබීය.
 

මුල් පදිංචිකරුවන් වෙත ඉඩම් නිදහස් කිරීමේ වැඩසටහන යටතේ කිලිනොච්චිය ක්‍රිෂ්ණපුරම් ග්‍රාම සේවා වසමේ ඉඩම්  මෙලෙස  යුද හමුදාව විසින් කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් සුන්දරම් අරුමෙයිනායගම් මහතා වෙත භාරදීම සිදුකෙරිණි.
 
මෙහිදී අදහස් දැක්වූ කිලිනොච්චිය ආරක්ෂක සේනා අඥාපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය මහතා පවසා සිටියේ යුද්ධයෙන් පසුව කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානය හා අවට යුද හමුදා කඳවුරු හි තිබූ සිවිල් ජනතාවගේ ඉඩම් අක්කර 27352.45 මුල් පදිංචිකරුවන් වෙත ලබාදී අවසන් බවයි.
 
යුද හමුදාව විසින් භාවිතා කරන සිවිල් ජනතාවගේ ඉඩම් තවදුරටත් නිදහස් කරමින් පවතින බවත් එම ඉඩම් මේ වන විට හදුනාගෙන ඇති අතර ඒ අනුව හදුනාගත් ප්‍රදේශයක් ලෙස ක්‍රිශ්ණපුරම් හි ඉඩම් මෙලෙස නිදහස් කළ බව පැවසීය.
 
සිවිල් ජනතාවගේ අභිවෘධිය වෙනුවෙන් මෙලෙස ඉඩම් ලබාදීම තවදුරටත් සිදුකරගෙන යන බවද රවිප්‍රිය මහතා වැඩිදුරටත් පැවසීය.
 
වැඩසටහන් අවස්ථාව සඳහා කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානයේ උසස් හමුදා නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.


           

 



අදහස් (0)

යුද හමුදා පාලනයේ තිබූ කිලිනොච්චියේ අක්කර 23 ක් දිස්ත්‍රික් ලේකම්ට බාර දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 658 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1109 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site