IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


යුද හමුදාව සතු ලේඛන ව්‍යාජ ලෙස සකස් කළ සෙබළෙකු අත්අඩංගුවට

(ක.ග.කරුණාරත්න)

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සතු ලේඛන ව්‍යාජ ලෙස සකස් කර තම සන්තකයේ තබාගෙන සිටි බව කියන හමුදා සෙබළෙකු  පොලොන්නරුව,කදුරුවෙල,ගල්ලෑල්ල ප‍්‍රදේශයේදී අද(27) අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

ශ‍්‍රී ලංකා යුද්ධ හමුදාවේ සෙබලූන් නිවාඩු ලබා යන අවස්ථාවේ නිකුත් කරනු ලබන නිවාඩු අවසර පත‍්‍ර පොතක් සහ සිය සේවා ස්ථානයේ නිවාඩු අනුමත කරන නිලධාරියාගේ රාජකාරී නිල මුද්‍රාවක් මෙලෙස ව්‍යාජ ලෙස සකස්කර තිබූ ලේඛන අතර වන බව පොලීසිය සඳහන් කලේය.

පොලොන්නරුව,කදුරුවෙල,ගල්ලෑල්ල ,ප‍්‍රදේශයේ  වෙසෙන නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු යුද හමුදා සෙබලෙකු සමඟ එක්ව  එම නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරන බවට පොලොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශණ අංශයට ලැබුණු තොරතුරක් මත එහි පොලිස් කණ්ඩායමක් අද(27) අලුයම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ නිවෙස වැටලූ අවස්ථාවේ එහි සිටියදී මෙම හමුදා සෙබළා පොලිස් අත් අඩංගුවට පත්ව තිබේ.
 
 එම නිවෙසේ හිමිකරුවන මත්ද්‍රව්‍ය ජාවාරම්කරු නීති විරෝධී මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්‍ධයෙන් මීට පෙර සැකපිට අත් අඩංගුවට ගෙන අධිකරණ නියෝග මත දැනට රිමාන්ඞ් බන්‍ධනාගාර ගතව සිටින බවද පොලීසිය පැවැසීය.

පොලිස් අත් අඩංගුවට පත් යුද හමුදා සෙබළා අරලගංවිල,වෙහෙරගල,රුහුණුගම පදිංචි 29 හැවිරිදි දෙදරු පියෙකි.

වැලිකන්ද,සේනපුර ප‍්‍රදේශයේ පිහිටුවා තිබෙන මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයෙක සේවය කරන බව කියන මේ සෙබළා නිවාඩු ලබා පැමිණ ඇත්තේ මේ වසරේ මාර්තු මාසයේදී බව පොලීසිය සිදුකල විමර්ශන වලදී අනාවරණයවී ඇත.
 
නියමිත නිවාඩු දින අවසන් වීමෙන් පසුව එතැන් සිට තමන් සතු ව්‍යාජ නිවාඩු අවසර පත‍්‍ර පොතෙන් නිවාඩු අවසර පත‍්‍ර ලියාගෙන ලඟ තබාගෙන සිටි බව සැකකාර හමුදා සෙබලා පොලීසියට ප‍්‍රකාශකර තිබේ.එම නිවාඩු අවසර පත‍්‍ර සඳහා මුද්‍රාව තබා ඇත්තේද සිය රාජකාරී ස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ(පුනරුත්ථාපන)යනුවෙන් සඳහන් ව්‍යාජ ලෙස සකස්කර තිබූ මෙම මුද්‍රාව යැයිද හෙතෙම වැඩිදුරටත් පවසා ඇත.

මොහු විසින් පොලොන්නරුව,නවනගරයේ පිහිටි මුද්‍රණාලයකින් මෙම කූඨ ලේඛන සහ මුද්‍රාව මුදල් ගෙවා සාදවා ගෙන ඇතිබවද පොලීසිය සිදුකල විමර්ශන වලදී අනාවරණය කරගෙන තිබේ.



අදහස් (0)

යුද හමුදාව සතු ලේඛන ව්‍යාජ ලෙස සකස් කළ සෙබළෙකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 521 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 479 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 418 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site