(කේ බුද්ධික කුමාරසිරි)
හංවැල්ල ජල්තර ප‍්‍රදේශයේ ස්ථාන දෙකකදී අද (10) යතුරුපැදිවලින් පැමිණි පිරිසක් පුද්ගලයින් දෙදෙනෙකු තියුණු ආයුධ වලින් පහර දී කපා කොටා පලා ගොස් ඇතැයි හංවැල්ල පොලිසිය පවසයි.
එක් පුද්ගලයකු රණාල තැපැල් කාර්යාලය අසලදී සහ අනෙක් පුද්ගලයා ජල්තර ටයිල් වැඩපල ආසන්නයේ දී මෙලෙස කපා කොටා ඇති අතර තුවාලකරුවන් හෝමාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප‍්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබේ.
ප‍්‍රදේශයේ දෙපිරිසක් අතර පවතින බලය තර කර ගැනිමේ කරුණක් සම්බන්ධයෙන් පවතින ගැටුම්කාරී තත්වය මත මෙලෙස පුද්ගලයින් කපා කොටා ගැනිම සිදු කෙරෙන බවට සැකකරන බව හංවැල්ල පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd