ඩි.ජී.සුගතපාල
ගාල්ල වරායේ සිට කිලෝ මීටර් 200ක් පමණ දුරින් බෝට්ටුව අනතුරට පත්වීම නිසා මුහුදේ පාවෙමින් සිටි සෝමාලියානු ජාතික ධීවරයින් සිව් දෙනෙකු බේරා ගෙන මේ වනවිට ගොඩ බිමට ගෙන එමින් සිටින බව ශ්‍රී ලංකා නාවික හමුදාවේ දක්ෂිණ නාවික කඳවුර පවසයි.
මෙම සෝමාලියානු ජාතිකයින් පැමිණි බෝට්ටුව අනතුරට පත්වී ඔවුන් මුහුදේ පාවෙමින් සිටියදී ගාල්ල ධීවර වරායෙන් මුහුදු ගිය බහුදින යාත්‍රාවක් විසින් ඔවුන් බේරාගෙන දක්ෂිණ නාවික හමුදා කඳවුරට දන්වා ඇත.
ඒ අනුව ඊයේ රාත්‍රි 7 ට පමණ නාවික හමුදාවේ නන්දිමිත්‍ර යාත්‍රාව එම පිරිස ගෙන ඒම සඳහා පිටත්ව ගොස් ඇති අතර අද සවස තුන පමණ වනවිට ගාල්ල ධීවර වරාය වෙත ඔවුන් රැගෙන ඒමට හැකි වෙතැයි නාවික හමුදාව පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd