(අශෝක තිලකරත්න)
හම්බන්තොට පතලයාගම වැවේ මසුන් අල්ලමින් සිටි අයෙකු ඔරුව පෙරැළී වැවට වැටී දියේ ගිලීමෙන් මියගොස් ඇතැයි හම්බන්තොට පොලිසිය පවසයි.
මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ අම්බලන්තොට පුහුල්යායේ පදිංචි පරණමාන ජයසූරිය (47) යන අයයි.
ඔහු තම සොහොයුරා වන සුමිත් පරණමාන යන අය සමඟ මසුන් අල්ලමින් සිටියදී ඔරුව පෙරැළී ඇති අතර සොහොයුරා ගොඩට පීනා දිවි බේරා ගෙන ඇතැයි මේ සම්බන්ධයෙන් සිදු කළ මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
මියගිය අයගේ මරණය සම්බන්ධ හදිසි මරණ පරික්ෂණය අද (22) පෙරවරුවේ පැවැත්වීමට නියමිතය.
හම්බන්තොට පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරික්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 18
226
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
171
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
976
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මසුන් අල්ලන්න ගිය අයකු ඔරුව පෙරැළී මරුට