IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මාදැල් ධීවර කාර්මිකයාගේ සිරුර හමුවේ

(ආණමඩුව හිරාන් ප්‍රියංකර ජයසිංහ)

උඩප්පුව පල්ලිවාසල්පාඩුව වෙරළ තීරයේ මාදැල් රැකියාවේ නිරත වෙමින් සිටියදි අතුරුදහන් වූ  ධීවරයගේ සිරුර අද (23) දින උදෑසන සින්නපාඩුව වෙරළට ගොඩගසා ඇති බව  උඩප්පුව පොලීසිය පවසයි.

මෙසේ මරණයට පත්වී ඇත්තේ මීගමුව කටුවැල්පිටිය ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවකු වූ 55 වියැති සිව්දරු පියකු වන එම්.ඒ. එඩ්වඩ් කිංස්ලි ප්‍රනාන්දු නැමැති අයකු බව උඩප්පුව පොලිසිය කියයි.

ඊයේ (22)  දහවල් මාදැල් ඇදීමේ නිරතව සිටියදී මාදැල ඇදීමට ට්‍රැක්ටරයේ සවිකර දීම තිබූ කඹය කැඩීයාමෙන් වෙරළ ආසන්නයේ සිටි ධීවරයා මුහුදට විසිවි යාමෙන් අනතුරුදහන්ව සිටි  බව කියයි .

පසුව ධීවර යාත්‍රා යොදා ගනිමින් සොයා තිබුණද හමුවි නොතිබු බව කියයි.

කෙසේනමුත් මෙම ධීවරයාගේ සිරුර අද (23) දින වෙරළට ගොඩ ගසා තිබීමෙන් පසු එම ස්ථානයට පැමිණි පුත්තලම හදිසි මරණ පරික්ෂක නන්දන විමලවීර මහතා දියේ ගිලීමෙන් සිදුවූ මරණයක් බවට සනාථ කර තිබුණි.

සිද්ධිය සම්බන්ධව උඩප්පුව පොලිසිය පරීක්ෂණ අරඹා තිබේ.



අදහස් (0)

මාදැල් ධීවර කාර්මිකයාගේ සිරුර හමුවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 58 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 722 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 343 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site