IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


මාදුරුඔය රක්ෂිතයට ඇතුළු වූ තිදෙනකුට දඩ

(ක.ග.කරුණාරත්න)

මාදුරුඔය ජාතික වනෝද්‍යානයට නීති විරෝධී ලෙස ඇතළුවී එහි රැඳී සිටි පුද්ගලයෝ තිදෙනෙකු වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් චෝදනාවලට වරද පිලිගනු ලැබීමෙන් පසුව එක් අයෙකුට රුපියල් 15,000 බැගින් රුපියල් 45,000ක දඩ මුදලක් ගෙවන ලෙසට දෙහිඅත්තකණ්ඩිය මහේස්ත‍්‍රාත් වාසනා නවරත්න මහත්මිය නියෝග කළාය.

මෙසේ දඩ නියම වූයේ දඹාන,ගුරුකුඹුර පදිංචි ඌනාපානවරිගේ රුවන් ජයතිස්ස,ඌරුවරිගේ සුමතිපාල ජයලත් සහ පේනාපතිගේ ගුණසේන යන තිදෙනාටය.

සැකකරුවන් ජාතික වනෝද්‍යානය තුලට පැමිණි බව කියන පා පැදි 03ක් සහ ආහාර ද්‍රව්‍ය අඩංගු මලූ 03ක් වනජීවී නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන නඩු භාණ්ඩ වශයෙන්  අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර ඒවා රාජසන්තක කරන ලෙසට මහේස්ත‍්‍රාත්වරිය නියෝග කළාය.

මාදුරුඔය ජාතික වනෝද්‍යාණයේ  වනජීවී අඩවි ආරක්‍ෂක නිලධාරී ඩබ්ලිව්.ඩබ්ලිව්.ජී.වීරසේන මහතා සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින්  පැමිණිල්ල මෙහෙයැවීය.



අදහස් (0)

මාදුරුඔය රක්ෂිතයට ඇතුළු වූ තිදෙනකුට දඩ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 46 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 152 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1007 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site