IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


භාවිතයෙන් ඉවත් කළ දුම්රිය මැදිරි 200 ක් ප්‍රතිසංස්කරණයට

(නිමල කොඩිතුවක්කු)
 
භාවිතයෙන් ඉවත්කරනු ලැබු දුම්රිය මැදිරි 200ක් නැවත ප්‍රතිසංස්කරණය කර ධාවනයට එක් කිරීමේ ව්‍යාපෘතිය යටතේ රුමේනියානු මැදිරි 138ක් හා එස් 8 බලවේග කට්ටල 52ක් ධාවනයට එක්කිරීමට පියවර ගෙන ඇතැයි  ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාගේ කොළඹදී අද (27) පැවසීය.

ඉතිරි මැදිරි ලබන මැයි 15 දිනට ප්‍රථමව අලුත්වැඩියාවන් සිදු කර ධාවනයට එක්කිරීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම ව්‍යාපෘතියේ කටයුතු සොයාබැලීම සඳහා දෙමටගොඩ දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් අංගනයට ගිය අවස්තාවේදී  ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා මේ බව පැවසීය.

මෙම ව්‍යාපෘතියේ මුළු ඇස්තමේන්තු වියදම රුපියල් මිලයන 2388ක් වන අතර රුමේනියානු මැදිරියක් සඳහා රුපියල් මිලියන 13.1 හා එස් 8 බලවේග කට්ටල මැදිරියක් සඳහා රුපියල් මිලියන 9.1ක් වැයවනු ඇතැයි ඇස්තමේන්තු ගත කර ඇත.

වර්තමානයේ  නව ඉන්දියානු මැදිරියක් ආනයනය කිරිමට රුපියල් මිලියන 91 අධික මුදලකුත් චීන බලවේග කට්ටල මැදිරියක් ආනයනය කිරීමට රුපියල් මිලියන 131ක පමණ මුදලකුත් වැය වන බවත් අමාත්‍යවරයා කීවේය.

දේශීය කාර්මිකයින් හා ඉංජිනේරුවන් යොදා ගනිමින් අලුත්වැඩියාවන් සිදු කරනු ලබන මෙම ආයතනය දේශීය ආයතනයක් වීමෙන්  රටට විශාල විදේශ විනිමයක් ඉතිරි කර ගැනීමට හැකියාව ලැබි ඇති බවත් අමාත්‍යවරයා එහිදී පැවසීය.

තවත් දුම්රිය මැදිරි 100 ක් මේ අයුරින් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බැවින් එම කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට කටයුතු යොදන ලෙසත්  අමාත්‍යවරයා එහිදී  නිළධාරින්ට උපදෙස් ලබා දුන්නේය.

මෙම අවස්ථාවට ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම් මොන්ටි රණතුංග, දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.
 



අදහස් (0)

භාවිතයෙන් ඉවත් කළ දුම්රිය මැදිරි 200 ක් ප්‍රතිසංස්කරණයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 255 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 988 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site