(කේෂර ගුණතිලක)
කතරගම වන්දනාවේ ගොස් ආපසු යමින් සිටියදී බස් රථයෙන් වැටී බරපතල තුවාල ලබා කරාපිටිය මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු අද (28) මිය ගිය බව තණමල්විල පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ 60 හැවිරිදි රක්වාන අටකලන්පන්න අලුත්පාර පදිංචිකරුවෙකි.
හෙතෙම ගමේ වන්දනා නඩයක් සමඟ බස්රථයකින් කතරගම වන්දනාවේ ගොස් ආපසු යමින් සිටියදී තණමල්විල උඩවලව මාර්ගයේ 19 කණුව අසලදී බුලත් කෙළ ගැසීමට බස් රථයේ පාපුවරුවට බසින විට බිමට වැටී එම බස් රථයටම යටවී බරපතල තුවාල ලබා කරාපිටිය මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.