(සිතුම් චතුරංග)
යාපනය - නුවර ඒ නවය මාර්ගයේ මාන්කුලම කිලෝමීටර 237 කණුව අසලදී අද(26) අලූයම මාර්ගයේ ධාවනයවූ සුඛෝපභෝගී බස්රථයක් ටිපර් රථයක ගැටී පුද්ගලයකු මියගොස් තවත් පුද්ගලයින් පස්දෙනකු තුවාල ලබා රෝහල් ගතකොට ඇති බව මාන්කුලම පොලිසිය කියයි.
කොළඹ සිට යාපනය දක්වා ගමන්ගත් සුඛෝපභෝගී බස්රථය, කිලිනොච්චිය දෙසට කළුගල් ප‍්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇතිබව පොලිසිය පැවසීය.
අනතුරින් මියගොස් ඇත්තේ යාපනය පදිංචි සෙල්වරාසා නගුලේෂ්වරන් නැමති 42 හැවිරිදි පුද්ගලයකි.
පොලිසිය පැවසූයේ අධික වේගයෙන් පැමිණ ඇති බස්රථය රියදුරුට පාලනය කරගැනීමට නොහැකිව ටිපර් රථයේ පසුපසින් ගැටී ඇති බවයි.
අනතුරින් තුවාල ලැබූවන් මාන්කුලම රෝහල වෙත ඇතුළත් කොට ඇති අතර ඉන් අසාධ්‍ය තත්වයේ සිටි තිදෙනකු වැඩිදුර ප‍්‍රතිකාර සදහා යාපනය රෝහල වෙත මාරුකර තිබේ.
අනතුරින් බස් රථයේ රියදුරුද සුළු තුවාල ලබා ඇති බවද පොලිසිය සඳහන් කළේය.
මියගිය පුද්ගලයාගේ සිරුර කිලිනොච්චිය මහරෝහලට රැගෙනගොස් ඇති අතර එහිදී පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතව තිබුණි.
මාන්කුලම් රථවාහන පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.



2025 දෙසැම්බර් මස 18
24
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
118
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
922
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බසය ටිපරයේ ගැටීමෙන් අයෙක් මරුට:5ක් රෝහලේ