(විනීතා එම් ගමගේ)
ගල්කිස්සේ සිට කොල්ලූපිටිය දක්වා මුහුදු තීරයේ පවතින අලංකාර කොරල්පරය විශාල වශයෙන් හානියට ලක්ව ඇතැයි පරිසරවේදීහු පෙන්වා දෙති.
පොලිතින්, ප්ලාස්ටික්, දැල් කැබලි, නයිලෝන් ලණු ආදී දෑ විශාල ප‍්‍රමාණයක් එහි රැඳී තිබීම මීට හේතුව බව ද ඔවුහු පවසති.
සුනාමියේ දී පවා කොළඹ නගරය රැකුණේ මෙම කොරල්පරය බාධකයක් සේ පැවති නිසා බවද පරිසරවේදිහු පෙන්වාදෙති.
මේ වනවිට එම කොරල්පර ආශ‍්‍රිත මත්ස්‍ය ගහණයෙහි බෝවීම නැවතී ඇතැයි සර්වෝදය ව්‍යාපාරය කොළඹ දිස්ත‍්‍රික් කාර්යාලය විසින් කළ අධ්‍යයනයක දී හෙළි වී තිබේ.
එම කාර්යාලය විසින් ගල්කිස්සේ සිට කොල්ලූපිටිය දක්වා වූ වෙරළ තීරය පිරිසිදු කිරීමෙන් පසුව කොරල්පර විනාශය පිළිබඳව නාවික හමුදාව හා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව දැනුවත් කිරීමට පියවර ගත් බව සර්වෝදය කොළඹ දිස්ති‍්‍රක් සංවිධායක ඉදුනිල් ප‍්‍රසංග හිත්තැටිය මහතා ලංකාදීපයට පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක කියන්න පරිසර ඇමතිට