IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


‘බලන්ගොඩ මූලික රෝහලේ භෞත චිකිත්සක ඒකකයට ඉබි යතුරු දමා වහලා’

(ප්‍රින්ස් රත්නායක)

බලන්ගොඩ මූලික රෝහලේ භෞත චිකිත්සක ඒකකය එක් දින සේවයක් බවට පත්ව ඇත. සතියේ දින 5 ක් සහ සෙනසුරාදා දිනයේ වරුවක් ක්‍රියාත්මක විය යුතු මෙම සේවාව මේ වන විට බදාදා දිනට පමණක් සීමාවී අනික් දිනවල ඉබියතුරු දමා වසා ඇතැයි රෝගීහු පවසති.

රෝගීන්ට වූ අපහසුතා සම්බන්ධයෙන් මාධ්‍ය මගින් අනාවරණය කළ ද එය තවදුරටත් එක් දින සේවාවක් බවට පත්ව තිබීම කණගාටු දායක බව කියති.

අස්ථි හා විකලාංග ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසුව හා ශෛල්‍යකර්ම වලට ලක්වන බොහෝ රෝගීන් මෙම ප්‍රතිකාර සේවාව හා ව්‍යායාම ආදිය ලබා ගැනීම සිදු කරනු ලබන්නේ මෙම ඒකකය හරහාය.

එමෙන්ම නේවාසික රෝගීන්ගේ  වෛද්‍ය නියමය අනුව භෞත චිකිත්සක කටයුතු සිදු කරනුයේ ද මෙම භෞත චිකිත්සක ඒකකය හරහාය.

මෙම තත්වය මත රෝගීන්ට අපහසුතා විදීමට සිදුව ඇත. එසේම මෙම සේවාව ලබාගැනීමට බොහෝ ඈත පෙදෙස්වල සිට පැමිණ නැවත හැරීයාමට සිදුවන බවද ඔවුහු පවසති.

මේ වන විට මෙම සතියට එක්දින සේවයට දෙමසක් පමණ ගතව තිබෙන බව වාර්තා වෙයි.

මේ සම්බන්ධව බළන්ගොඩ මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී  වෛද්‍ය අයි.ඩී. පතිරගේ මහත්මියගෙන් විමසූ විට කීවේ භෞත චිකිත්සක තනතුර දැරූ නිලධාරිණියගේ ඉල්ලා අස්වීමත් සමඟ මෙම තත්වය උදාවී තිබෙන බවත් බදාදා දිනයේ  කහවත්ත මූලික රෝහලේ භෞත චිකිත්සක නිලධාරියකු ඒ සඳහා පැමිණෙන බවත්ය.

බළන්ගොඩ, පින්නවල, මාරතැන්න, බෙලිහුල්ඔය, කල්තොට, මැදබැද්ද, වැලිගෙපොල, ඉඹුල්පේ ඇතුළු ප්‍රදේශ ගණනාවක දහස් ගණන් රෝගීන්  පිරිසක් සේවය ලබා ගන්නා රෝහල පිළීබඳ සෞඛ්‍ය ඇමැතිනිය ඇතුළු සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානය යොමු  විය යුතු බව රෝගීහු කියති.



අදහස් (0)

‘බලන්ගොඩ මූලික රෝහලේ භෞත චිකිත්සක ඒකකයට ඉබි යතුරු දමා වහලා’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 653 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 538 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 444 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site