(නිශාන්ත කුමාර)
වන සතෙකුට බඳින ලද බට තුවක්කුවක් පත්තු වීමෙන් බරපතල තුවාල ලැබූ කලුගහකඳුර වෙන්දේසියාය ගම්මානයේ පුද්ගලයෙකු අද (10) උදෑසන රෝහල්ගත කර ඇතැයි පොලීසිය කියයි.
ඔහු මීගහකිවුල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සදහා බදුල්ල පළාත් මහ රෝහල වෙත ඇතුළත් කර තිබේ.
අනතුරින් තුවාල ලබා ඇත්තේ කළුගහකදුර වෙන්දේසිය ගම්මානයේ වයස අවුරුදු 47 ක පුද්ගලයෙකි.
තුවක්කු ප්‍රහාරයට ලක්වීමෙන් ඔහුගේ අතකට සහ පාදයකට දැඩි හානි සිදුව ඇත.
හරක් රංචුවක් දිගේලි කිරීම සදහා කැලෑවට රැගෙන යමින් සිටියදී ඔහු මෙම අනතුරට ලක්ව ඇත.
වන සතුන් දඩයම් කිරීම් සඳහා ප්‍රදේශයේම පුද්ගලයින් බඳින ලද මේ මෙවැනි බට තුවක්කු පත්තු වීමෙන් ප්‍රදේශයේ පුද්ගලයින් කීප දෙනෙකුම මේ වන විට බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි ද ප්‍රදේශවාසීහු පවසති.
මේ සම්බන්ධයෙන් ප්‍රදේශයේ පොලිස් ස්ථානවල අවධානය යොමුකර දෙන්නයි ද ඔවුහු වැඩිදුරටත් ඉල්ලා සිටිති.
අනතුර සම්බන්ධයෙන් බදුල්ල හා කන්දකැටිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd