ජුඩ් සමන්ත
ගංවතුර හේතුවෙන් බිදී ගිය නාත්තන්ඩිය - යක්දෙස්සාවේ පිහිටි “දූව බැම්ම” අමුණ තාවකාලිකව නැවත ඉදිකිරීමට ප්‍රදේශයේ ගොවීන් කටයුතු කර අැත.
පුත්තලම - කුරුණෑගල දිස්ත්‍රික්ක දෙක වෙන් කරන මායිමේ පිහිටි දූව බැම්ම අමුණ භාවිතා කරමින් යක්දෙස්සාව ඇතුළු අවට ගම්මාන කීපය කුඹුරු අක්කර 800 ක් පමණ වගා කරති. පසුගිය දිනවල ඇතිවූ ගංවතුර හේතුවෙන් දූව බැම්ම අමුණ බිදී ෙගාස් අැත.
අමුණ බිදී යාමත් සමඟ යක්දෙස්සාව ප්‍රදේශයේ වගා කර තිබූ කුඹුරු විශාල ප්‍රමාණයක්ද ජලයෙන් යටවී තිබූ අතර බිදී ගිය දූව බැම්ම අමුණ කඩිනමින් ප්‍රතිසංස්කරණ කර දෙන ලෙස ප්‍රදේශවාසීන් ජනාධිපතිවරයාගෙන් මෙන්ම ආපදා කළමණාකරන අමාත්‍යවරයාගෙන්ද පසුගිය දිනවල ඉල්ලීම් කළේය.
රජයේ මුදල් ප්‍රතිපාදන වෙන් වී අමුණ ප්‍රතිසංස්කරණය කරන තුරු බලා සිටීමෙන් සිදු වන්නේ එකතුවී ඇති ජලය අපතේ යාම පමණක් වන බැවින් බිදී ගිය බැම්ම තාවකාලිකව පිළිසකර කිරීමට තමන් අදහස් කළ බව ගොවීන් කියා සිටියේය.ඒ අනුව අමුණ බිදී ගිය ස්ථානයට තාවකාලික වැටක් යොදා වැලි කොට්ට යෙදීම පසුගිය දිනවල ගොවීන් විසින් සිදු කරන ලදි.
2025 දෙසැම්බර් මස 18
243
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
176
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
981
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බිදී ගිය දූව බැම්ම අමුණ ගොවීහූ පිළිසකර කරති