( බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ශාන්ත ප්‍රදීප් කුලරත්න )
 
පහරදී පුද්ගලයකු මරා දැමී යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන්  අඹු සැමි යුවළක් ඇතුළු පුද්ගලයින් තිදෙනකු අද ( 22) අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලීසිය කියයි.

එම සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ  කහතුඩුව කෝරලේඉම පාසල් මාවතෙහි පදිංචි  කරණවෑමියෙකු ලෙස රැකියාවෙහි නියුතු වූ විජිත ප්‍රසන්න සම් එක් දරු පියෙකි.

 මිය ගිය පුද්ගලයාගේ පවුලේ සහ අත්අඩංගුවට ගත් පවුලේ පිරිස අතර කාලයක සිට පවතින ආරවුලක් මත මෙම පහරදීම සිදුව ඇතැයිද  කියති.