IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පාසල් නොයන කොළඹ දරුවන් ගැන සංගණනයක්

(ජයන්ත සමරකෝන්)

කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් නොයන දරුවන් පිළිබඳ විශේෂ සංගණනයක් ආරම්භ කර ඇතැයි කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසයි.

කොළඹ නගරයේ මට්ටක්කුලිය, මෝදර, කොටහේන යන ප්‍රදේශවලින් මේ වනවිට අදාළ සංගණන කටයුතු ආරම්භ කර ඇතැයි ද, කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා ලංකාදීපයට පැවසීය.

මෙවැනි සංගණනයක් සිදුවන්නේ ප්‍රථම වරට බවද, ඒ සඳහා නොබෝදා පත්වීම් ලැබූ උපාධිධාරීන් 2900ක් යොදවා ඇතැයි ද ඒ මහතා කීය.

මෙම සංගණනයෙන් පසු පාසල් නොයන දරුවන් පිළිබඳව අදාළ අංශ වෙත දැනුම්දෙන බවද කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය කියයි.
 



අදහස් (0)

පාසල් නොයන කොළඹ දරුවන් ගැන සංගණනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 58 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 722 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site