IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


පස්කන්දක් කඩා වැටී කම්කරුවෙක් මරුට - 2කට තුවාල

(ශාන්ත චන්ද්‍රසිරි)

තලවකැලේ නගරයේ වෙළෙඳසැළක් පිටුපස ඉදිකිරීම් කටයුත්තක නිරතව සිටි කම්කරුවන් පිරිසක් මතට  අද (05) පස් කන්දක් කඩාවැටී එක් අයෙකු මියගොස් තවත් දෙදෙනෙකු  බරපතල තුවාල ලබා ඇතැයි තලවකැලේ පොලීසිය පවසයි.
 
මිය ගොස් ඇත්තේ තලවකැලේ, රත්නගිරිය, පාමස්ටන් කොලණියේ පදිංචි ඩබ්ලිව්. එම්. ජයරත්න (34) නමැති 34 හැවිරිදි පුද්ගලයෙකි. 
 
තුවාල ලැබූ අනෙක් දෙදෙනාද එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයන් බව පොලීසිය පවසයි. 
 
අනතුර සිදුවන අවස්ථාවේ එම ස්ථානයේ කම්කරුවන් 20 පමණ පිරිසක් සේවය කරමින් සිට ඇතැයි පොලීසිය කියයි.
 
තලවකැලේ පොලීසියේ නිලධාරීන් හා නගරවැසියන් එක්ව බැකෝ යන්ත්‍රයක් උපයෝගී කරගනිමින් කම්කරුවන් මතට වැදුණු පස් ඉවත් කර කඩිනමින් රෝහල් ගතකිරීමට පියවර ගෙන තිබිණි. 
 
තුවාල ලැබු පුද්ගලයන් දෙදෙනා ලිඳුල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා නුවරඑළිය මහ රෝහල වෙත මාරු කර යවා ඇත.
 
මෙම සිද්ධිය පිළිබඳව තලවකැලේ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

පස්කන්දක් කඩා වැටී කම්කරුවෙක් මරුට - 2කට තුවාල

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 745 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site