IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පුද්ගල ඝාතනයකට වරදකරු වූ අයෙකුට මරණ දඬුවම

(මනෝප‍්‍රිය ගුණසේකර)

බහින්බස්වීමක් හේතුවෙන් පුද්ගලයකුට පිහියෙන් ඇන ඝාතනය කිරීමේ චෝදනාවන්ට වරදකරු වූ විත්තිකරුවකුට කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනෝපොළ මහතා අද (28) මරණ දඬුවම නියම කළේය.

විත්තිකරුට එරෙහි චෝදනාවන් පැමිණිල්ල විසින් කිසිඳු සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කරමින්  විනිසුරුවරයා ඔහුට මරණ දඬුවම පැනවීය.

ජනාධිපතිවරයා නියම කරන දිනයක හා වේලාවක වැලිකඩ බන්ධනාගාරය තුළදී විත්තිකරුට මරණීය දණ්ඩනය පමුණුවන ලෙස විනිසුරුවරයා නියම කළේය.

චෝදනාවන්ට වරදකරුවීම නිසා මෙලෙස මරණ දඬුවම නියම වුයේ දේවසිරි සුසන්ත ප‍්‍රියදර්ශන නැමැති 36 හැවිරිදි පුද්ගලයෙකුටය.

2003 ජුලි මස 10 වැනිදා හෝ ඊට ආසන්න දිනයක රත්මලාන දුම්රිය පොළ පාරේදී හේවාවිතාරණගේ සරත් නැමැත්තාට පිහියෙන් ඇන මරා දැමූ බවට විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා නඟා තිබිණි.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කළ විනිසුරුවරයා විත්තිකරුට මරණ දඬුවම පැනවීය.

 

 

 

 

 

 



අදහස් (0)

පුද්ගල ඝාතනයකට වරදකරු වූ අයෙකුට මරණ දඬුවම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 225 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 171 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 975 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site