IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


පුද්ගලයකුට පහර දී අත් පළදනාව පැහැරගත් තිදෙනෙකු අත්අඩංගුවට

(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි) 


යතුරුපැදියකින් ගමන් කළ   පුද්ගලයකුට  පහර  දී  ඔහුගේ රන් අත් පළඳනාව   පැහැර ගැනීමේ  සිද්ධියකට සම්බන්ධ සැකකරුවන්   තිදෙනෙකු   අද  (18) අත්අඩංගුවට  ගත් බව පොලිසිය පවසයි.


බලන්ගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත්  පදිංචිකරුවන්  තුන්දෙනෙකු  මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
 
ඕපනායක  ප්‍රදේශයේ පදිංචි  පුද්ගලයකු  බලන්ගොඩ මස්සැන්නට දින කිහිපයකට පෙර යතුරු පැදියකින්  ගමන්  කරමින් සිටියදී යතුරුපැදිය නතර කර  ඔහුට පහර දුන් තිදෙනෙකු ඔහුගේ  රන් අත් පළඳනාව  පැහැරගෙන  තිබුණි.
 
පහරකෑමට  ලක් වූ පුද්ගලයා බලන්ගොඩ පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් කර තිබුණි. පැහැගත් රන් අත් පළඳනාව  ගොඩකවෙල ප්‍රාදේශයේ  පෞද්ගලික මුල්‍ය ආයතනයක රුපියල්  59,000කට උකස්  කර තිබියදි  පොලිසිය   සොයාගෙන  ඇත.
 
මෙම සිද්ධියට සමිබන්ධ  තවත් සැකකරුවෙකු  මීට පෙර අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
 
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද  (18)  බලන්ගොඩ මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

පුද්ගලයකුට පහර දී අත් පළදනාව පැහැරගත් තිදෙනෙකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 13 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site