IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


නුවරඑළිය මහ නගර සභාවට නව මන්ත්‍රීවරියක්

(ශාන්ත චන්ද්‍රසිරි)
 
නුවරඑළිය මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරියක ලෙස වින්ද්‍යා හංසනී මෙනවිය නගරාධිපති චන්දන ලාල් කරුණාරත්න මහතා ඉදිරියේ අද (29) දිවුරුම් දුන්නාය.

 
නුවරඑළිය මහා නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන ලද අජිත් කුමාර මහතා ඉකුත් පාර්ලිමේන්තු මහ මැතිවරණයේදි ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරඟ වැදීම හේතුවෙන් එම පක්ෂය විසින් ගනු ලැබු විනය පරීක්ෂණයකට අනුව ඔහු මන්ත්‍රීධුරයෙන් ඉවත් කර එම පුරප්පාඩු මන්ත්‍රීධුරය  සඳහා මෙම නව පත්වීම සිදු කරන  ලදි.
 
වින්ද්‍යා හංසනී මෙනවිය ඉකුත් පළාත් පාලන මැතිවරණයේදි නුවරඑළිය මහා නගර සභාවේ මැතිවරණ කොට්ඨාස අංක හත යටතේ තරග වැදුණු අපේක්ෂිකාවකි.



අදහස් (0)

නුවරඑළිය මහ නගර සභාවට නව මන්ත්‍රීවරියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 330 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site