(එස් .ඩි .කොඩිකාර )
අතුරුදහන් වූ පුද්ගලයෙකුගේ මළ සිරුරක් නිල්වලා ගඟේ අතු ගංගාවක් වූ ඌරුබොකු ආරේ ගොඩ ගසා තිබියදී දිනකට පමණ පසු අද (14) සොයා ගත් බව පිටබැද්දර පොලීසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ (58) හැවිරිදි දෙදරු පියෙකු වූ සියඹලාගොඩ නැගෙනහිර ,පිටබැද්දර ලිපිනයේ පදිංචි කුඩා ගේ පියසේන නැමැති පුද්ගලයෙකු බව පොලිසිය හඳුනාගෙන ඇත.
මරණකරු ඊයේ (13) උදෑසන සිට නිවසේ සිට එකවරම අතුරුදහන් වී ඇති අතර පසුව මරණකරුගේ බිරිඳ තම ස්වාමි පුරුෂයාගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් පිටබැද්දර පොලීසියට පැමිණිල්ලක් සිදු කර ඇති අතර පසුව ගම්වාසීන් සහ පොලීසිය එක්ව අද (14) උදෑසන සිට ඌරුබොකු ආර දිගේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී සියඹලාගොඩ බටහිර නා ගහ අසල ගගේ තිබී මියගිය අයගේ මළ සිරුර සොයා ගත් බව පොලිසිය කියයි.
මිය යාමට හේතුව මෙතෙක් අනාවරණය නොවී ඇති බව පිටබැද්දර පොලිසිය පවසයි.සිද්ධිය සම්බන්ධයෙන් පිටබැද්දර පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිය ගිය හේතුව ගැන ගමේ අය දැන්වත් අවධානය යොමු කරන්න ඕන. මේ වගේ මිනිස් ජීවිත තවත් නැති වෙන්න කලින් හැමෝම තමන් ගැන වගේම අනිත් අය ගැනත් හිතන්න ඕන.