IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


නිරෝධායනය අවසන් කළ පුද්ගලයින් 240 ක් පිටව යති

(සිතුම් චතුරංග)

වවුනියාව වේලාන්කුලම  ගුවන් හමුදා කඳවුරේ හා කිලිනොච්චිය මුලංගාවිල් 651 වන යුද හමුද කඳවුරේ නිරෝධායන මධ්‍යස්ථාන වලදී සාර්ථකව නිරෝධායනය අවසන්කළ පුද්ගලයින් 240 දෙනෙකු අද (15) නිවෙස් වෙත  පිටව ගියහ.

වේලාන්කුලම ගුවන් හමුදා කඳවුරේ නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 180 හා මුලංගාවිල් නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 60 දෙනකු  පිටව ගිය බව  ආරක්ෂක අංශ පැවසීය.

වන්නි ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී ඉන්ද්‍රජිත් වීරසූරිය හා 651 වන බල සේනාවේ අණදෙන නිලධාරී බ්‍රිගේඩියර් ඩබ්ලිව්..සි.එන් වරකාගොඩ යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ මෙම පිරිස දින 14 ක් නිරෝධායන ක්‍රියාවලියකට ලක් කිරීමෙන් අනතුරුව එලෙස පිටව ගිය බව ආරක්ෂක අංශ පැවසීය.

මෙම පිරිසහට කොවිඩ් - 19 වයිරසය ආසාදනයවී තිබේදැයි යන්න පී.සී.ආර් ජෛව සාම්පල පරීක්ෂණ සිදුකොට ඇති අතර එහිදී ඔවුන්ට වයිරසය ආසාදනය නොවී ඇති බවට තහවුරුවීමෙන් අනතුරුව නිරෝධායනය අවසන් කිරීමට හා නිවෙස්වෙත ගොස් තවත් දින 14 කාලයක් නිරෝධායනය වන ලෙස උපදෙස් ලබාදුන් බවද ගුවන් හමුදාව පැවසීය.

නිරෝධායනයට ලක්කළ පිරිස කොළඹ , බණ්ඩාරනායක මාවත , කුරුණැගල, පොල්ගහවෙල, අනුරාධපුර හා මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් ඔවුන් වෙත සිය නිවෙස් බලා පිටත්ව යාමට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් ඇතුළු සියළු කටයුතු ආරක්ෂක මඟින් සලසා ඇති බව ආරක්ෂක අංශ සඳහන් කළේය.

වන්නි ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී ඉන්ද්‍රජිත් වීරසූරිය , කිලිනොච්චිය මුලංගාවිල් යුද හමුදා 651 වන බල සේනාවේ අණදෙන නිලධාරී බ්‍රිගේඩියර් ඩබ්ලිව්..සි.එන් වරකාගොඩ යන මහත්වරුන් විසින් නිරෝධායනය අවසන් කළ  පිරිස් වෙත නිරෝධායනය අවසන් කළ බවට වන සහතිකපත් ප්‍රධානය කිරීමක්ද සිදුකෙරිණි.

 

 



අදහස් (0)

නිරෝධායනය අවසන් කළ පුද්ගලයින් 240 ක් පිටව යති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 668 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1113 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site