(ප්‍රසන්න පත්මසිරි)
පස්සර නමුණුකුල කඳුපාමුල යුරිවත්තේ නිවාස 16ක් නාය යෑමේ අවදානමකට ලක්වීමෙන් පවුල් 25ක නිවසියෝ වැසි දිනවලදි අවතැන්ව සිටිති.
යුරිවත්තේ කර්මාන්තශාලා කොටසේ නිවාස 16ක් පමණ පවතින එම භුමියේ අක්කර තුනක පමණ කොටසක් 2014 වසරේ සිට මේ දක්වාම වැසි දිනවලදි නායයෑමට ලක්වන බව නිවෙස් හිමියෝ පවසති. වර්ෂා සමයේදී ඔවුන්ට යාමට ස්ථානයක් නොමැති වීම හේතුවෙන් තේ වත්තේ දරමඩුවක රාත්‍රිය ගත කරන බව ද කියති.
මේ සම්බන්ධයෙන් එස්.විමලකුමාර මහතා සඳහන් කළේ මෙවැන්නකි.
“2014 දෙසැම්බර් 26 දින අපේ නිවාස අවට භූමිය නාය ගියා. එදා ඉදලා මේ දක්වාම අක්කර තුනක් විතර නාය යෑමට ලක්ව තිබෙනවා. බලධාරීන්ට කීවාට ඒ අය අපිට විසඳුමක් දෙන්නෙ නෑ. වැස්ස දිනවලදි කොහෙට හරි යන්න කියනවා”
එම්.චන්ද්‍රමුර්ති මහතා මෙසේ පැවසීය.
“ගෙවල් 16කම නිවාස පුපුරලා. ගෙවල්වල ඉන්න බැරිතරමට බොරවතුර මතුවනවා. අපිට යන්න තැනක් නැති නිසා රෑට නිදාගන්නේ නැහැ. කොයි මොහොතේ අපේ ජීවිත පස් වලට යටවෙයිද දන්නේ නෑ” යැයිද කීය.
නිවාස හිමිකරුවකු වන වයි.විජයකුමාර් මහතා මෙසේ කීය.
“වහින දවස් වලදී අපි සියලුම දෙනා තේ කර්මාන්තශාලාවේ දර මඩුවේ රාත්‍රිය ගත කරනවා. කන්න බොන්න දෙයක් දෙන්න කවුරුවත් නෑ. වත්තෙන් උදවු කරන්නෙත් නෑ. අපේ දුක කියන්න කෙනෙක් අපිට නෑ. වැස්සට බොර වතුර මතුවනවා. නිවාස බලාගෙන ඉද්දි පුපුරනවා. බිත්ති කඩා වැටී තිබෙනවා” යැයිද පැවසීය.
පස්සර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආපදා සහන සේවා නිලධාරී ඩබ්ලිව්.එම්.පී දර්ශන මහතාගෙන් විමසුවිට මෙසේ පැවසීය.
“යුරිවත්තට අපි ලියුම් යවලා මේ අයට ගෙවල් හදන්න ඉඩම් ඉල්ලලා තැනක් නම් කළා. එතන ගෙවල් හදන්න ගියාම ජල රක්ෂිතයක් තිබෙන බව කියමින් ගම්මානයකින් විරෝධයක් ආවා. නැවතත් ඉඩමක් දෙන්න කියලා වත්තෙන් ඉල්ලුවත් තාම දුන්නේ නැහැ” යැයිද දර්ශන මහතා කීය.






(තේ වත්තේ දර මඩුව)
2025 දෙසැම්බර් මස 30
63
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
724
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
344
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
නමුණුකුල කඳුපාමුල නිවාස 16ක් නාය යෑමේ අවදානමේ