(ක.ග.කරුණාරත්න)
ජල ගැලූම් නිම්න ජාතික වනෝද්‍යානයට නීතිවිරෝධී ලෙස ඇතුළු වී රැදී සිටිමින් පුපුරණ ද්‍රව්‍ය යොදා මහවැලි ගඟේ මසුන් මැරීම ශාකවලට හානි සිදුවන ලෙස ගිනි දැල්වීම ඇතුළුව නිතිවිරෝධී ක‍්‍රියාවන් රැසක් සිදු කළැයි කියන පුද්ගලයෝ 10 ක් අද (22) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
සැකකරුවන් පොලොන්නරුව, හිඟුරක්ගොඩ, වැලිකන්ද, සඳුන්පිටිය, අඹන්ගඟ යන ප‍්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.
සතිඅන්ත නිවාඩු දිනයේ විනෝදවීම සඳහා තමන් එහි පැමිණි සිදුකළ ප්‍රශ්න කිරිම්වලදී අනාවරණය වී තිබේ.
මොවුන් සතුව තිබූ පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් මැරීමට භාවිත කරන බෝම්බයක්, අරක්කු සහ බියර් බෝතල් තොගයක්, බාබකිව් උඳුනක් ආදිය අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවද වනජීවි නිලධරයෝ පවසති.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (22) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
2025 දෙසැම්බර් මස 30
49
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
716
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
නීතිවිරෝධී ක්‍රියා සිදුකළ 10 ක් අත්අඩංගුවට