(ඔගස්ටින් ප්‍රනාන්දු)
හලාවත නගර සභාවේ රියැදුරෙක්, නගරසභා රියැදුරු විවේකාගාරය තුළදීම මිය ගොස් සිටිය දි අද (30) අලුයම සොයාගත් බව හලාවත පොලිසිය කියයි.
මිය ගොස් ඇත්තේ හලාවත විල්පත ප්‍රදේශයේ විසු ගෝනගල විතානගේ තිස්ස ජෝශප් ප්‍රනාන්දු (49) නමැති තිදරු පියෙකි.
මිය ගිය අය නගර සබා සෞඛ්‍ය අංශයේ ට්‍රැක්ටර් රිදුරෙකු ලෙසින් සේවය කරනු ලබන අතර දිනපතා සිය නිවසේ සිට සේවයට එන බවත් කියයි.
ඊයේ (29) රාත්‍රි 9 ට පමණ ඔහු නගර සබාවට පැමිණ තමාට ගෙදර යාමට අවශ්‍ය බසය අල්ලා ගත නොහැකිවු බැවින් සභාවට පැමිණි බවත් සභා රියදුරු විවේකාගාරයෙහි රැය පහන් කර ඇති අතර අද (30) උදෑසන මෙලෙස මියගොස් ඇති බව දැක තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd