(සිතුම් චතුරංග)
ඉන්දීය ධීවරයින්ගෙන් මිලදී ගත් රුපියල් ලක්ෂ 44ක් වටිනා කේරළ ගංජා කිලෝ 22ක් පේදුරුතුඩුව අල්වායි මුහුදේදී සිට රැගෙන ආ බව කියන ධීවරයකු අද (27) අත්අඩංගුවට ගත් බව පේදුරුතුඩුව සුරාබදු කාර්යාලය පවසයි.
එම කේරළ ගංජා තොගය කොළඹ ප‍්‍රදේශයට රැගෙනයාමට සූදානමක් තිබී ඇතැයි පොලිසිය කියයි.
මෙරට මුහුදු සීමාව වෙත පැමිණි ඉන්දීය ධීවර යාත‍්‍රාවකින් කේරළ ගංජා මිළදීගෙන ගොඩබිම වෙත රැගෙන එන ධීවරයකු ගැන උතුරු නාවික හමුදා නිලධාරීන් වෙත ලැබුණ බුද්ධි තොරතුරකට අනුව මෙම වැටලීම කර තිබේ.
මාළු රැගෙන එන අයුරින් කේරළ ගංජා තොගය ප්‍රවාහනය කර ඇති බව පොලිසිය කියයි.
සැකකරු දීර්ඝ කාලයක සිට ඉන්දීය ධීවරයින්ගෙන් මෙලෙස කේරළ ගංජා මිළදීගෙන ගොඩබිමට රැගෙනවිත් අලෙවි කරන පුද්ගලයකු බවට විමර්ශන වලදී අනාවරණය වූ බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව තවත් ආරක්ෂාව අඩුකරමු. ගංජා ගේන්න.