IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


දේහයට මුද්‍රා තබා ආදාහන කටයුතු කරයි

(ජේ.කේ.එල් .චාමින්ද)

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටියදි මියගිය සිව්දරු මවකගේ ආදාහන කටයුතු දේහයට මුද්‍රා තබා ජාත්‍යයන්තර නිරෝධායන නිතිමාලාවට අනුකුලව අද (23) පස්වරුවේ දි අක්මිමන කුරුදුවත්ත ආදාහනාගාරයේ දි සිදුකළ බව ගාල්ල නාගරික හදිසි මරණ පරික්ෂක මහේෂ් ධර්මරත්න මහතා පවසයි.

හැත්තැනම හැවිරිදිවියේ පසුවන මෙකි මව උණ හා සෙම වැනි රෝග ලක්ෂණ හේතුවෙන් ඊයේ (22) පස්වරුවේ දි ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කරණු ලැබිය.

ඇය දිගුකාලිනව දියවැඩියා රෝගයෙන් පෙලෙන තැනැත්තියක් බවද හදිසි මරණ පරික්ෂකවරයා පැවසිය.

මෙකි මව අද (23) අළුයම මිය ගොස් ඇත. උණ හා සෙම වැනි රොග ලක්ෂණ තිබු නිසා ඇයගේ සෙම් හා කර පටල ලබාගෙන කොරෝනා පරික්ෂණයක් ද සිදුකළ අතර එහිදි ඇයට කොරෝනා ආසාදනය වි නොමැති බවට තහවුරුවි ඇති බවද හදිසි මරණ පරික්ෂකවරයා සදහන් කළේය.

මියගිය තැනැත්තියගේ හදිසි මරණ පරික්ෂණය අද (23) කරාපිටිය ශික්ෂණ රෝහලේ දි හදිසි මරණ පරික්ෂක මහේෂ් ධර්මරත්න මහතා විසින් සිදුකරණු ලැබිය.

පශ්චාත් මරණ පරික්ෂණය විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි යු.සි.පි පෙරේරා මහතා විසින් කරනු ලැබිය.

එහිදි හදිසි මරණ පරික්ෂකවරයා මෙකි මවගේ දේහයට මුද්‍රා තබා ජාත්‍යයන්තර නිරෝධායන නිතිමාලාවට අනුකුලව අවසන් කටයුතු මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ අධික්ෂණය යටතේ සිදුකරන ලෙස පොලිසියට නියෝග කළේය.

ඒ අනුව මෙකි මවගේ ආදාහන කටයුතු විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි. යු. සි.පි පෙරේරා හා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ අධික්ෂණය යටතේ අද පස්වරුවේ අක්මිමන කුරුදුවත්ත ආදාහනාගාරයේ දි සිදුකරනු ලැබිය.
 



අදහස් (0)

දේහයට මුද්‍රා තබා ආදාහන කටයුතු කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 680 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 553 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 447 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site