සුමතිපාල දීයගහගේ
අක්මිමන සහ බෝපෙ පෝද්දල ප්‍රාදේශීය සභා දෙකට ලැයිස්තුවෙන් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිවරුන් පත් කිරීමේදි තමන්ට අසාධාරනයක් කළ බව කියමින් හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු පිරිසක් සුසාන භූමියකට සහ දේවාලයකට ගොස් දේවකන්නලව්වක් කර පොල් ගැසූහ.
තමන්ට අසාධාරණයක් කළ දේශපාලකයාට දඬුවම් ලබා දෙන ලෙස ඉල්ලමින් මෙම දේව කන්නලව් කළ බව එම මන්ත්‍රීවරු කීහ.
පසුගියදා පැවති පළාත් පාලන මැතිවරණයේදී අක්මිමන ප්‍රාදේශීය සභාවට තරග කළ හිටපු විපක්ෂ නායක ලක්ෂමන් හේවගේ , හිටපු මන්ත්‍රි නන්දසේන අතුකෝරළ, බෝපෙ පෝද්දල ප්‍රාදේශිය සභාවේ ලැයිස්තුවේ සිටි හිටපු සභාපතිවරයකු වන ඩික්ෂන් රාජා , හිටපු මන්ත්‍රිවරයෙකු වන අමිල නුවන් යන මහත්වරුන් ඇතුලු අසාධාරණයක්වූ බව කියන අපේක්ෂක අපේකෂිකාවෝ රැසක් මෙම දේව කන්නලව්වට එක්ව සිටියහ.
මෙම පිරිස වෙනුවෙන් ලක්ෂ්මන් හේවගේ මහතා එක් පොල් ගෙඩියක් බටදූවේ පිහිටි පොදු සුසාන භූමියේ සොහොනකදී ගසා ඔවුන්ට අසාධාරනය කළ දේශපාලඥයාට දඩුවම් ලබා දෙන ලෙස ඉල්ලා සිටියහ.
ඉන් අනතුරුව බටදූව සුගතාරාම විහාරස්ථානයේ දේවාලය වෙත ගොස් එහිදිද පොල් ගසා අසාධාරණය කළ දේශපාලනඥයාට දඩුවම් ලබා දෙන ලෙස ඉල්ලා දේව කන්නලව්වක් කළහ. එක්සත් ජාතික පක්ෂයේ සුදුසුකම් ඇති ජ්‍යෙෂ්ඨයින් සිටියදී නවකයින් පිරිසක් අක්මිමණ සහ බෝපෙ පෝද්දල යන ප්‍රාදේශීය සභා දෙකට පත්කර ඇතැයි ඔවුහු චෝදනා කළහ.
දේශපාලඥයාට දඩුවම් කරන ලෙස යක්ෂයින්ගෙන් ප්‍රේතයින්ගෙන් ඉල්ලා පොදු සුසාන භූමියක සොහොනක පොල් ගැසීමක් සහ දේවාලයකදි පොල් ගසා දේව කන්නල්වක්ද එම ප්‍රාදේශීය සභා දෙකේ හිටපු මන්ත්‍රිවරු පිරිසක් සිදු කළහ.
2025 දෙසැම්බර් මස 30
66
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
724
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
346
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
දේශපාලකයකුට දඬුවම් ඉල්ලා එජාප හිටපු ප්‍රා මන්ත්‍රීවරු පිරිසක් පොල් ගසති