(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කුලි ගමනක් යන මුවාවෙන් මිනුවන්ගොඩදී සහ ජා ඇල දී ලොරි රථයක් සහ ත්‍රී රෝද රථයක් රැගෙන ගොස් එහි රියදුරන් දෙදෙනාට පිහියෙන් ඇන ඝාතනය කර ලොරි රථය කොල්ලකෑ තිදෙනෙකුගෙන් යුත් කල්ලියේ ප්‍රධාන සැකකරු අද (11) අත්අඩංගුවට ගත් බව කැළණිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.
මෙම සැකකරුවන් අතින් ඝාතනයට ලක්වී ඇත්තේ ජා ඇල ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි ලොරි රථ රියදුරෙක් සහ මිනුවන්ගොඩ පදිංචි 64 හැවිරිදි ත්‍රී රෝද රථ රියදුරෙකි.
දින දෙකක් තුළ එකම ආකාරයේ සිදුවූ මෙම අපරාධ දෙක සම්බන්ධයෙන් සී.සී.ටී.වී කැමරා පරීක්ෂා කර සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.
31 වැනිදා සිදුවූ ලොරි රථ රියදුරාගේ ඝාතනයට පැමිණි පුද්ගලයින් මෝටර් රථයකින් පැමිණි අයුරු සී.සී.ටී.වී දර්ශන අනුව නිරීක්ෂණය වීමෙන් පසු එහි ලියාපදිංචි අංකය අනුව එහි අයිතිකරු සොයා ගොස් විමසීමේදී එහි මෝටර් රථය නඩත්තුව සඳහා මීගමුවේ ගරාජයකට දැමූ බව අනාවරණය වූ බව පොලිසිය කීය.
ගරාජයේ හිමිකරු අත්අඩංගුවට ගෙන කරන ලද ප්‍රශ්න කිරීමේදී දින දෙකක් තුළ ජා ඇල ප්‍රදේශයේදී සිදුවූ ලොරි රථ රියදුරුගේ සහ ත්‍රී රෝද රථ රියදුරුගේ ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු බවට අනාවරණය වූ බව පොලිස් නිලධාරියෙකු පැවසීය.
31 වැනිදා ලොරි රථය කුලි ගමනක් සඳහා යන මුවාවෙන් රැගෙන ගොස් රියදුරුට පිහියෙන් ඇන ඝාතනය කර ලොරි රථයේ කොටස් ගලවා විකුණා ඇති බව පොලිසිය කීය.
ඊට දින දෙකකට පසු ත්‍රී රෝද රථය කුලි ගමනක් සඳහා යන මුවාවෙන් රැගෙන ගොස් ත්‍රී රෝද රථ රියදුරුට පිහියකින් ඇන ඝාතනය කර ත්‍රී රෝද රථය කොල්ල කෑමට සුදානම් වූ අවස්ථාවේ ත්‍රී රෝද රථ රියදුරු රථයේ යතුර අසල කැලයකට විසිකර ඇත අතර පසුව සැකකරුවන් පලාගොස් ඇති බව ප්‍රධාන සැකකරුගේ ප්‍රකාශ වලින් අනාවරණය වූ බව පොලිසිය කීය.
මෙම ද්විත්ව ඝාතනයට සම්බන්ධ අනෙක් සැකකරුවන් දෙදෙනා කටුනායක පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
2025 දෙසැම්බර් මස 18
679
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
326
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ද්විත්ව මිනීමැරුමකට සම්බන්ධ තිදෙනෙකු අල්ලයි
Pradeep Wednesday, 12 February 2020 02:55 AM
මොවුන්ට දිය හැකි ඉහලම දඩුවම් ලබා දෙන්න, නැවත මෙවැනි අහිංසකයන්ගේ ජිවිත අකාලයේ විනාශ නොකරන්න. අහන දකින කෙනෙකුට පාඩමකට ගත හැකි ආකාරයේ දඩුවමක් ලබා දෙන්න.