(කාංචන කුමාර ආරියදාස)
දරුවන් දෙදෙනෙකු අතර ඇතිවූ ගැටුමක් වැළැක්වීමට ගිය පියෙකු පහරකෑමකට ලක්ව මියගොස් ඇතැයි ගල්කිරියාගම පොලීසිය කියයි.
ගල්කිරියාගම , දඹුලු හල්මිල්ලෑව ආනකටාව ප්‍රදේශයේ පියෙකු මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ පා ඇත.
මෙසේ මියගොස් ඇත්තේ එම්. ජී .ඩින්ගිරියා (73 ) තිදරු පියෙකි .
මෙම ගැටුමේදී පුතෙකු තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත් කර තිබෙන බවත් ඔහු මේ වනවිට සැකපිට අත්අඩංගුවට ගෙන ඇතැයි ගල්කිරියාගම පොලිසිය කියයි.
ගැටුමට මැදි වූ අනිත් පුතා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායමක් යොදවා තිබෙන බව පොලීසිය කියයි.
ගල්කිරියාගම පොලීසියට ලැබුණු තොරතුර මත දැනට සිදු කර ඇති මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ ආනකටාව ප්‍රදේශයේ අයියා මලෝ දෙදෙඅනකු පියාගේ කුඹුරකට බහින්බස් වීමක් දුරදිග යෑම හේතුවෙන් එය ගැටුමක් දක්වා දුරදිග ගොස් ඇති බවයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ දරුවනේ.. නුබලා කොයි ලොව යන්නද ඔය..