(දයාරත්න ඇඹෝගම)
බාල වයස්කාර දැරියක අපයෝජනය කළැයි කියන සිද්ධියකට හමුදා සෙබළෙකු අද(31)වන දින නැගම්පහදී අත්අඩංගුවට ගත්බව ගල්නෑව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයා නෙළුම්පත්ගම, සියඹලැව නැගම්පහ පදිංචි හමුදා සේවයේ නියුතු දෙදරු පියෙකි.
නැගම්පහ කලාගම්පිටිය ප්‍රදේශයේ නිවසකදී සැකකරු 17 හැවිරිදි බාල වයස්කාර දැරියක අපයෝජනය කළේ යැයි දැරියගේ දෙමාපියන් විසින් පොලිසියට කළ පැමිණිල්ලක් මත හමුදා භටයා අත්අඩංගුවට ගත්බව පොලිසිය කියයි.
සැකකරු අද(31)දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් ගල්නෑව පොලිසිය පරීක්ෂණ පවත්වති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd