IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


දුම්රිය අංගනයේ සිට බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය වීසි කිරීමට තැත්කළ අයෙක් අත්අඩංගුවට

ඩී.ජී.සුගතපාල

ගාල්ල දුම්රිය අංගනයේ සිට ගාල්ල බන්ධනාගාරයේ තාප්පයට උඩින් බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය තොගයක් දැමීමට තැත් කල පුද්ගලයකු ගාල්ල දුම්රිය ස්ථානයේ ආරක්ෂක නිලධාරින් විසින් අද (20) දහවල් අත් අඩංගුවට ගෙන ගාල්ල පොලිසිය වෙත බාරදෙන ලදී.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ බද්දේගම දෙහිහේන පදිංචි 23හැවිරිදි තරුණයෙකි.

ගාල්ල දුම්රිය අංගනයේ සිට තාප්පයට උඩින් බන්ධනාගාරයට තුලට මත්ද්‍රව්‍ය වීසි කරන බවට බන්ධනාගාර අධිකාරිවරයා විසින් කරන ලද දැනුම්දිමක් අනුව රැකවලෙහි සිටි දුම්රිය ආරක්ෂක නිලධාරින් පිරිසක් සැකකරු අත් අඩංගුවට ගෙන ඇත.

කැබලි කරන ලද දුම්කොල මිටියක් ගංජා පාර්සලයක් ලයිටර් හතරක් ඇතුළු රුපියල් ලක්ෂයකට ආසන්න වටිනා කමකින් යුත් මත්ද්‍රව්‍ය රෙදි බෑගයක දමා මෙසේ බන්ධනාගාරය තුලට විසි කිරිමට තැත්කර ඇත.

සැකකරු අත් අඩංගුවට ගැනිමෙන් පසු දුම්රිය ස්ථානයට පැමිණි ගාල්ල බන්ධනාගාර අධිකාරි සේනක පල්ලෙතැන්න මහතා කියා සිටියේ මෙම සැකකරු මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් අවුරුද්දකුත් මාස දෙකක් බන්ධනාගාරයේ සිට මෙය දින තුනකට පමණ පෙර පිටව ගිය අයෙකු බවය.

දුම්රිය ආරක්ෂක අධිකාරි අනුර පේමරත්න සහකාර අධිකාර (දකුණ) ජී.ඩබ්ලිව් .සුමිත්,යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ගාල්ල දුම්රිය ස්ථානයේ කාර්ය බාර නිලධාරි එච්.පී.ඩබ්ලිව් ලෙසලි ආනන්ද මහතාගේ මෙයෙවිම යටතේ සැරයන් ආනන්ද ලාල් (90934)ආරක්ෂක නිලධාරි ඩී.ඒ.සී.අල්විස්(91206)කාන්තා නිලධාරිණි ඩබ්ලිව් .ඒ.දීපානි(90059) යන මහත්ම මහත්මින් විසින් සැකකරු අත් අඩංගුවට ගෙන ඇත.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරිම සඳහා ගාල්ල පොලිසිය වෙත බාරදෙන ලදී.



අදහස් (0)

දුම්රිය අංගනයේ සිට බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය වීසි කිරීමට තැත්කළ අයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 559 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site