අනීෂා මානගේ
තංගල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබන නේවාසික රෝගීන් සඳහා ඇති ඇදන් විශාල ප්‍රමාණයක් රෝහලේ රථගාලක් තුළ ගොඩගසා තැබීම නිසා විනාශ වෙමින් පවතින ආකාරය දක්නට ලැබේ.
තංගල්ල මූලික රෝහල හම්බන්තොට දිස්ත්‍රීක්කයේ ඇති ප්‍රධාන රජයේ රෝහලකි. තංගල්ල, කුඩාවැල්ල, නාකුළුගමුව, මාවැල්ල, වීරකැටිය, රන්න, අගුණකොළපැලැස්ස, බෙලිඅත්ත, මිරිස්වත්ත ආදී ප්‍රදේශ ගණනාවක රෝගීහු දිනපතා තංගල්ල මූලික රෝහල වෙත ප්‍රතිකර සඳහා පැමිණෙති.
ඇතැම් දිනවලදී රෝහලේ වාට්ටුවල ඉඩපහසුකම් හා ඇදන් ප්‍රමාණවත්ව නොමැතිකම හේතුවෙන් රෝගීන් වාට්ටුව අසල බිම නිදා සිටින ආකාරය ද දක්නට හැකිය. නමුත් බාහිර රෝගී අංශය පිහිටි ගොඩනැගිල්ලේ රථ ගාල පිහිටි බිම් මහලේ ඇදන් විශාල ප්‍රමාණයක් විනාශ වෙමින් පවතින ආකාරය දක්නට හැකිය.
අලුතින් ඉදිකෙරෙන ළමා වාට්ටු සංකීර්ණයේ පහත මාලයේ එක් කාමරයක් තුළද ළමා ඇදන් හයක් විනාශ වෙමින් පවතී. දැනට ළමා රෝගීන් නේවාසිකව ප්‍රතිකාර ලබන ළමා වාට්ටුවේද ඉඩ පහසුකම් හා ඇදන් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ළමා රෝගීන් හා ඔවුන්ගේ දෙමාපියන්ද අපහසුතාවයට පත්ව සිටි. ඇතැම් අවස්ථාවන් වලදී ළමා වාට්ටුවේ එක් ඇදක රෝගී දරුවන් තිදෙනෙකු පවා සිටින ආකාරය දක්නට හැකිය.
මේ සම්බන්ධයෙන් තංගල්ල මූලික රෝහලේ පරිපාලන නිළධාරි සී.එන්.ජයසේකර මහතාගෙන් අප කළ විමසීමේදී ඔහු පැවසූවේ ළමා වාට්ටුවල හා වැඩිහිටි රෝගීන් සඳහා ඇති වාට්ටුවල ප්‍රමාණවත් තරම් ඉඩ පහසුකම් නොමැති බවද රජයේ මූලික රෝහලක් සඳහා අනුමත කර ඇති ඇදන් ප්‍රමාණයට වඩා ඇදන් මෙම වාට්ටුවලට ඇතුළත් කිරිමට අවසර නොමැති බවයි.
ළමා වාට්ටු සංකීර්ණය මේ දිනවලදී ඉදිකිරීම් කටයුතු සිදුකෙරෙන බැවින් ඇදන් ගබඩා කර තැබීමට වෙනත් ස්ථානයක් නොමැතිකම හේතුවෙන් මෙලෙස රථවාහන නවතා ඇති ස්ථානයේ ගබඩා කර ඇති බවයි.


2025 දෙසැම්බර් මස 04
353
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
430
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
402
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
තංගල්ල රෝහලේ ඇදන් රථගාල තුළ විනාශ වෙමින් යයි