(මොහොමඩ්  බුහාර්ඩින්)

 
දඹුල්ල - කුරුණෑගල ප‍්‍රධාන මාර්ගයේ  ධාවනය වෙමින් තිබු ටිපර් රථයක්  ගලේවෙල  පහලවැවදී   මාර්ගයෙන් ඉවතට පැන පාලමක  ඇන්දක ගැටි සිදුවු අනතුරකින් බරපතල තුවාල  ලැබු  ලොරි රථයේ රියදුරු  දඹුල්ල මුලික රෝහලට ඇතුළු කර තිබේ. 

කොළඹ සිට මහියංගණය දෙසට ධාවනය වෙමින් තිබු  මෙම ටිපර් රථයේ  වේගය පාලනය කරගැනීමට රියදුරුට නොහැකි වීමෙන්  පාලමේ  ගැටි පෙරැළි ගොස් තිබු ඇත.

අනතුර සිදු අවස්ථාවේදී රථයෙහි ඉදිරි පස කොටස පාලම දෙසට වැටී  එහි රියදුරු අසුන අසල දොර විවෘත වි රියදුරු පාලමෙන්  බිමට වැටි ඇතැයි පොලිසිය පවසයි. ගලේවෙල පොලිසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.