IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


‘ජාතික ආණ්ඩු යෝජනාවලිය ප්‍රතික්ෂේප කරන්නැයි ජනපතිගෙන්-කතානායකගෙන් ඉල්ලීමක් ‘

(නිමල කොඩිතුවක්කු)
 
ජාතික ආණ්ඩු  යෝජනාවලිය  සම්පූර්ණයෙන්ම ව්‍යවස්තානුකූල නොවන බවත් එම ඉල්ලීම මූළිකවම ප‍්‍රතික්ෂේප කරන ලෙසත් ඉල්ලමින් සත්‍යගවේෂකයෝ සංවිධානය ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගෙන් සහ කතානායක කරූ ජයසූරිය මහතාගෙන් ඉල්ලිමක් කරයි.
 

මේ අවස්ථවේ දී එක්සත් ජාතික පක්ෂයට ජාතික ආණ්ඩුවකට යාමේ හැකියාව සහ  කැබිනට් අමාත්‍යවරු 48 ක් දක්වා වැඩිකර ගත හැකිද යන්න සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන ලෙසද එම සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලිමක් කරයි.
 
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 46(1)අ වගන්තියට අනුව  මුලූ අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව 30 නොඉක්මවිය යුතු බවත්46(1)ආ වගන්තිය අනුව අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් නොවන අමාත්‍යවරුන්ගේ සහ නියෝජ්‍යය අමාත්‍යවරයන්ගේ එකතුව හතලිහ (40) නොඉක්මවිය යුතු බවත් සඳහන් වන බැවින් අත්තනෝමතික ලෙස අමාත්‍යවරුන් පත් කිරීම වැළැක්වීමට හා රාජ්‍ය මුදල් අවභාවිතා කිරීම අවම කිරීම උදෙසා මෙම ව්‍යවස්ථාව යොදා ඇති බවද එහි කැඳවුම්කරු නීතීඥ පේ‍්‍රම්නාත් සී දොලවත්ත මහතා පෙන්වා දෙයි.
 
46(4) ව්‍යවස්ථාව ප‍්‍රකාරව කරුණු දැක්වීමේදී ජාතික ආණ්ඩුවක් පිහිටුවන අවස්ථාවේදී අලූතෙන් ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවත් ඔහු පෙන්වා දෙයි.
 
මේ අවස්ථාවේදී අග‍්‍රාමාත්‍යය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ මූළිකත්වයෙන්  ආණ්ඩුවක් පවතින බැවින් ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට අරමුණු කරන්නේ නම් ඔහු අග‍්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවද ඔහු සඳහන් කරයි.
 
කැබිනටු අමාත්‍යවරු 29 ක් සිටී රජය වෙනස් කර ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනහිතකාමී රජයක් ගොඩනගන ආයතනයක් යැයි බලයට පැමිණි රනිල් වික‍්‍රමසිංහ ප‍්‍රමුඛු එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව මේ ආකාරයට තමන්ට බලය රැකගැනීමට උපකාර කරන ලද මන්ත‍්‍රීවරුන්ට කැබිනට් අමාත්‍යධූර ලෙස අල්ලස් ලබාදීම සදාචාර විරෝධී මෙන්ම නීත්‍යනුකූල ද නොවන බවද හෙතෙම කියා සිටී.
 
එසේ හෙයින් මෙම ඉල්ලීම මුල් අවස්ථාවේ දී පිලිගත නොහැකි ව්‍යවස්ථානුකූල නොවන නීත්‍යානුකුළ නොවන සදාචාර විරෝධී ඉල්ලීමක් ලෙස මූලිකවම ප‍්‍රතික්ෂේප කරන ලෙසත් ජාතික ආණ්ඩු යෝජනාවලිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන ලෙසත් එම ලිපිය මගින් වැඩිදුරටත් ඉල්ලා සිටියි.
 



අදහස් (0)

‘ජාතික ආණ්ඩු යෝජනාවලිය ප්‍රතික්ෂේප කරන්නැයි ජනපතිගෙන්-කතානායකගෙන් ඉල්ලීමක් ‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 480 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 467 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 417 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site