(ටී.කේ.ජී.කපිල)
ඉන්දියාවේ චෙන්නායි සිට නීතිවිරෝධී ලෙස රන් බිස්කට් තුනක් මෙරටට ගෙන ආ ශ්‍රීලාංකික ගුවන් මගියකු අද (7) කටුනායක ගුවන් තොටුපොලේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මොහු කුරුණෑගල, ගල්ගමුව ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.
ඔහු තමන් හැද සිටි කලිසමේ සාක්කුවල සඟවාගෙන රන් බිස්කට් තොගය ගෙන තිබේ. මේවායේ වටිනාකම රුපියල් 24,48,600 කි.
ග්‍රෑම් 233 ක් බර මෙම රන් බිස්කට් තුන සඟවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd