IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


ගල්විහාර පුජා භූමි රක්ෂිතයේ මුවකු මස් කරති

 

(නිමල් ජයරත්න සහ ඩබ්ලිව් පියතිලක )
පොළොන්නරුව ගල්විහාර පුජා භුමියට අයත් රක්ෂිතයේ අද (13)  මුවෙකු දඩයම් කර මස් කරමින් සිටි බාල වයස් කරුවෙකු සහ  තවත් ඔහුගේ ඥාතියෙකු පොළොන්නරුව වනජිවි නිලධාරින් විසින් සැක පිට අත් අඩංගුවට ගෙන ඇත

 
මෙලෙස සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ පොළොන්නරුව නිශ්ශංකමල්ල ප‍්‍රදේශයේ පදිංචි බාල වයස් කරුවෙකු සහ ඔහුගේ සීයා කෙනෙකු බව පරික්ෂණ සිදු කරන පොළොන්නරුව අඩවි ආරක්ෂක ඩබ්ලිව්.එම්. කුමාරසිරි විජයකෝන් මහතා පැවසීය.
 
මුවා මර උගුලක් අටවා ඝාතනය කිරිමට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු ප‍්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඔවුන් සොයා පරික්ෂණ කටයුතු ආරම්භ කර ඇති බවද විජයකෝන් මහතා සදහන් කලේය.

ගල්විහාර පුජා භුමියේ පුරා විද්‍යා ඒකකයට සහ පොලිස් ස්ථානයට ලද තොරතුරක් අනුව මෙම මෙහෙයුම සිදු කර ඇති අතර ඒ අනුව අද සවස අදාල සැකකරුවන් අත්අඩංගුවට ගෙන 14 වෙනිදා පොළොන්නරුව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බව පොළොන්නරුව වනජිවි කාර්යාල නිලධාරියෙකු පැවසීය.
 
පොළොන්නරුව ගල්විහාර මුරපොළෙහි ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක ටී.ඞී.ඩබ්ලිව්. සිරිමාන්න, පොළොන්නරුව අඩවි ආරක්ෂක කුමාරසිරි විජයකෝන් යන මහත්වරු ඇතුලූ පොලිස් හා වනජිවි නිලධාරින් පිරිසක් මේ සම්බන්ධව වැඩිදුර පරික්ෂණ සිදු කරයි

ඡුායාරූපය - නිමල් ජයරත්න



අදහස් (1)

ගල්විහාර පුජා භූමි රක්ෂිතයේ මුවකු මස් කරති

Samitha Senaka Aluthgamage. Saturday, 16 May 2020 05:52 PM

මෙහෙමත් මස් වැද්දන්ද අද පොළොන්නරුවේ ඉන්නේ.

:       0       27

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 163 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 367 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 376 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site