IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ගංජා පාර්සල් කරමින් සිටි 4ක් අත්අඩංගුවට

(දියතලාව - ඩී.කේ.රත්න)

වැල්ලවාය හම්බෙගමුව උණකන්ද ප්‍රදේශයේ හේන්යායක ගංජා පාර්සල් කරමින් සිටි පුද්ගලයින් 4 දෙනෙකු ගංජා කිලෝ ග්‍රෑම් 206 ක් සමග අද (27) පොලිස් මත් ද්‍රව්‍ය කාර්යාංශයේ (නාකොටික්) නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි හම්බෙගමුව පොලීසිය පැවසීය.

ඇඹිලිපිටිය මිද්දෙනිය පදිංචි වයස අවුරුදු 36 , 37 , 32 වන තිදෙනෙකු සහ වැල්ලවාය කුඩාඔය පදංචි වයස අවුරුදු 50ක පුද්ගලයෙකු මෙම ගංජා තොගයත් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මත් ද්‍රව්‍ය කාර්යංශයේ (නාකොටික් ) නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව සිදු කළ විශේෂ වැටලීමකදී මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයින් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා හම්බෙගමුව පොලිසියට බාරදී තිබේ.

හබ්බෙගමුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩී.එම්.විජේසුන්දර මහතාගේ උපදෙස් පරිදි හම්බෙගමුව පොලිස් නිලධාරීහු මේ පිළිබඳව පරීක්ෂණ සිදු කරති.



අදහස් (0)

ගංජා පාර්සල් කරමින් සිටි 4ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 68 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 725 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 349 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site