(කේෂර ගුණතිලක)
පොලිස් විශේෂ කාර්ය බළකායේ සූරියවැව කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් තණමල්විල පොලිස් බල ප්‍රදේශයේ බොරළුවැව රක්ෂිත ප්‍රදේශයේ සිදුකළ වැටලීමක දී වියළි ගංජා කිලෝ 47 ග්‍රෑම් 485 ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
හේන්යායේ වාඩියක ගංජා වේලමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තණමල්විල සූරියගහ-උස්ගල පදිංචි අවුරුදු 54 වයසැති පුද්ගලයෙකි.
සැකකරු සහ ගංජා තොගය අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා තණමල්විල පොලීසියට බාරදී ඇත.
පොලිස් විශේෂ කාර්ය බළකායේ සූරියවැව කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වැටලීම සිදුකර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd